(අජන්ත කුමාර අගලකඩ)
සුපිරි වෙළඳ සංකීර්ණයක් ද සහිත බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානයක් බත්තරමුල්ල ප්‍රදේශයේ ඉදිකිරීමට රජය තීරණය කර ඇත.
එම බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකිරීමේ ටෙන්ඩරය ‘ඒසර් ’ නමැති ඩුබායි සමාගමකට පැවරීමට අද (14) පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
ඒ සඳහා කැබිනට් සංදේශය අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද්දේ මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා විසිනි.
පෞද්ගලික ආයෝජනයක් ලෙස මෙම බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකෙරෙන අතර ආයෝජනය කෙරෙන මුදල රුපියල් කෝටි 400ක් පමණ වේ.
මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ටෙන්ඩර් කැඳවා අදාළ ඩුබායි සමාගම තෝරාගෙන ඇත.
COMMENTS
මොකක්ද මේ බහුමාදිලි ප්‍රවාහන සංකීර්ණය කියන්නේ, කොට්ටාවේ තියෙන්නෙත් ඕකක් නේද, අනේ මහත්තයෝ මුලින්ම ලයිට් රේල්වේ එක හදන්න මිනිස්සු මහපාරේ පුදුම දුකක් විදින්නේ. ඔබතුමාලා කිසිම කරදරයක් නැතුව පාරේ ගියාට මහජනතාවට එහෙම බැහැ.
සිහින ලන්තය
එදා වේල කන්න නැති මිනිස්සු ඉන්න රටේ. අනේ මටනම් තේරෙන්නේ මේ මිනිස්සු කා වෙනුවෙන් මේ දේවල් කරනවාද කියලා..
හැම මගුලක්ම බත්තරමුල්ලටද? දාගන්නවකෝ ඕව වෙන පලාතක. මේවා බත්තරමුල්ල අවට ඉන්න අපිට මහා කරදර. ඕවා ඔහේගේ සිහින නේ හැබැයි පහ වෙනකොට ඇහැරෙන්න දවසේ වැඩ තිබෙනවානේ.