ඩයනා උදයංගනී, සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
තමාට බහුතරය පිළිබඳ ගැටලුවක් ඇති වූයේ නම් ලබාදුන් අවස්ථාවට ස්තූතියි කියා වැද නමස්කාර කර ගෙදර යන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
බලයට එන්නේ බූවල්ලන් මෙන් බදාගෙන සිටීමට නොවන බව කී ප්‍රේමදාස මහතා වර්තමානයේ රජය යැයි කියාගන්නා පාර්ශවය නටන නාඩගම නිසා රට අරාජික වී ඇතැයි ද සඳහන් කළේය.
පාර්ලිමේන්තුව අද (19) සන්සුන්ව පැවතියේ ඡන්ද විමසීමක් නොකළ නිසා බව ද ප්‍රේමදාස මහතා කීවේය.
සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(ඡායාරූපය ඉෂාන් සංජීව)
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
‘බහුතරය ගැන ගැටලුවක් මට ආවා නම් වැද නමස්කාර කර ගෙදර යනවා’
සංජු Monday, 19 November 2018 11:41 AM
අගමැතිකම ගන්න බෑ කියලා දෙන ලොරි ටෝක්ස් ටික බලපල්ලකො.
Bandula. Monday, 19 November 2018 11:55 AM
දෙපැත්තේම බූවල්ලෝ ඉන්නවා නේද? ඔබතුමා හරි.... ඔය බූවල්ලෝ නිසානේ පක්ෂ දෙකට කැඩෙන්නේ නේද?
ලක්සහන් ගමගේ Monday, 19 November 2018 12:13 PM
මුලින්ම අගමැති තනතුර දෙන්න හදනකොටත්, බයෙන් වෙව්ල වෙව්ලා වැඳ නමස්කාර කරල බෑ කිව්වනේ නේද? ඇයි දැං මෙහෙම?
රංග ප්‍රියංකරMonday, 19 November 2018 12:44 PM
ගමගේ මහත්තයෝ මෙතුමා ඒ නිසානේ අගමැතිකම බාර නොගත්තේ... පසුගිය රජයේ වැඩක් කළානම් කරපු එකම ඇමතිතුමා සජිත් මහත්තයා බව පොඩි දරුවා පවා දන්නවා. එතුමා නිසි වෙලාවට පිරිසිදුව අගමැති හෝ ජනාධිපති වෙනවා නියතයි. මහින්ද මහත්තයාට වගේ බලය ගන්න හදිස්සියක් නැහැ කියලා කාටත් තේරෙනවා ඇති. එතුමා බලය ඉල්ලන දවසට ඔබ ඇතුලු අපි සියලු දෙනා යෝධ ශක්තියක් ලබා දිය යුතුමයි. ඒ සඳහා හම්බන්තොට අපි නම් සූදානම්...
BamunuarachchiTuesday, 20 November 2018 01:57 AM
මහත්මයෝ ඔබ කෙනෙකු තනතුරකට පත් කොරන්න කලින් ඒ තැනැත්තාගේ ජීව දත්ත හෙවත් තනතුර කරගෙන යාමට අදාළ සුදුසුකම් මොනවාද කියා සොයා බලනවානේද? හිටපු නායකයෙකුගේ පුතෙකු වීම රටේ රාජ්‍ය නායකයා වීමට සුදුසු කමක් නොවෙයි කියා තෙරුම් ගැනීමට තරම් බුද්ධියක් නැද්ද? මොහු අඩුම වශයෙන් පක්ෂේ නායකයා හැටියට පක්ෂය මෙහෙයවා තිබෙනවාද. පක්ෂයේ ඒ අත්දැකීම වත් නොමැතිනම් රටක් මෙහෙයවන්නේ කොහොමද කියා සිතන්න බැරිද.
nishaMonday, 19 November 2018 01:03 PM
අගමැති තනතුරු පස්ස දොරෙන් ගන්න. රටේ කරුමේ කියන්නේ එක නරකක් විදියට දකින පුරවැසියන් සිටීම...
ගල්කටස් Monday, 19 November 2018 12:31 PM
මෙතුමා ජනප්‍රිය නායකයෙකි.. අවිවාදයක් නැත. එහෙත් ඔබතුමා පියා වගේ දක්ෂ නායකයකු වන බව පෙනෙන්නට නැත. ඔබටද හොරා ඔබ පක්ෂය වෙනත් නායකයකු ඉදිරියේදී පත්කරනු අැත. එමෙන්ම ඔහු ජයග්‍රහණය කරනු අැත.
BamunuarachchiMonday, 19 November 2018 12:49 PM
මෙයා ජනප්‍රිය දේශපාලකයෙක් නායකයෙක් නොවෙයි. සිංහල වචන වරද්දගන්න එපා. නායකයෙකු සතු ගුණාංග අන්තර්ජාලයට ගොඩවෙලා බලාගන්න. ඊටපසු මෙයා ගැන කතා කරන්න.
athuraMonday, 19 November 2018 01:32 PM
අදහස් දාල තියන දෙන්නම මහින්ද මහත්මයට පක්ෂව අදහස් දමන අය.
Chandana Monday, 19 November 2018 12:55 PM
යන්නේ කොහොමද? ඉදිරියෙන් එන නඩුටික ගන්න බැරිවෙනවා...
smith Monday, 19 November 2018 12:56 PM
අනේ, බහුතරය ගැන හරි මොන ඉලව්වක් ගැන හරි ප්‍රශ්නයක් වෙන්න තනතුරක් බාරගන්න ඕනෑනේ. තනතුරු බාරගන්න් බය අයට මොන ප්‍රශ්නද?
Bamunuarachchi Monday, 19 November 2018 12:57 PM
හලෝ රට ආරාජික වුනේ මහබැංකුව කොල්ල කාපු දිනේ සිට. ඇයි මහබැංකුව ගැන වචනයක් කතා නොකරන්නේ? හලෝ ඔබට කරන්න පුළුවන් එකම ඇමතිකම තමයි ඔබ ඔය කරන්නේ... අපේ බදුමුදලින් ගෙවල් හදලා පිනට දෙනවා. ඉංග්‍රීසියෙන් ඕකට කියනවා පීතරගෙන් සොරාගෙන ගෙවනවා කියලා.
Bamunuarachchi Monday, 19 November 2018 01:05 PM
මහින්ද 2005 රටබාර ගන්නකොට තිබුණු ප්‍රශ්න ඔබට ආවා නම් කකුල් දෙකට වැඳවැඳ දුවාවි... මහත්තයෝ 1952 ඩඩ්ලි මහතාට බඩේ අමාරුව හැදුණු හැටිත් අපි දැක්කා. අමාරු අවස්ථාවල මෙරට කරගෙන යාමේ හැකියාවක් අැතිකෙනෙක් එජාපෙ නැහැ කියලා අපි දන්නවා.
angelo nugara Monday, 19 November 2018 02:01 PM
78 ව්‍යවස්ථාවට කොපමණ පැලැස්තර ඇලෙව්වත් වැඩක් නෑ. එය ජේ.ආර්ගේ සුපිරි ඒකාධිපති වැඩක්. දැන් කයිවාරු ගහල වැඩක් නෑ. බලේ තියනකොට බය වුනානේ ව්‍යවස්ථාව වෙනස් කරලා ජනමත විචාරණයකට යන්න. මේ ව්‍යවස්ථාව අනුව ජනාධිපති විය යුත්තේ අනිවාර්යයෙන්ම පක්ෂ නායකයෙක්... මේක ශ්‍රී ලංකා ඡන්ද දායකයින්ට හොඳ පාඩමක්..
anand Monday, 19 November 2018 02:16 PM
අපි දැක්කා ඔබතුමාගේ තාත්තට දෝෂාභියෝගේ ආපුවෙලාවේ මාසදෙකකට කල්දාලා වැඳවැඳ දුවපු හැටි.. ඕවා හොඳයි අලුතෙන් ඉපදිලා ඉන්න අයට... දෝෂාභියෝගේ දිනපු හැටිත් අපි දන්නවා..