ඩයනා උදයංගනී, සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
තමාට බහුතරය පිළිබඳ ගැටලුවක් ඇති වූයේ නම් ලබාදුන් අවස්ථාවට ස්තූතියි කියා වැද නමස්කාර කර ගෙදර යන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
බලයට එන්නේ බූවල්ලන් මෙන් බදාගෙන සිටීමට නොවන බව කී ප්‍රේමදාස මහතා වර්තමානයේ රජය යැයි කියාගන්නා පාර්ශවය නටන නාඩගම නිසා රට අරාජික වී ඇතැයි ද සඳහන් කළේය.
පාර්ලිමේන්තුව අද (19) සන්සුන්ව පැවතියේ ඡන්ද විමසීමක් නොකළ නිසා බව ද ප්‍රේමදාස මහතා කීවේය.
සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(ඡායාරූපය ඉෂාන් සංජීව)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැතිකම ගන්න බෑ කියලා දෙන ලොරි ටෝක්ස් ටික බලපල්ලකො.
දෙපැත්තේම බූවල්ලෝ ඉන්නවා නේද? ඔබතුමා හරි.... ඔය බූවල්ලෝ නිසානේ පක්ෂ දෙකට කැඩෙන්නේ නේද?
මුලින්ම අගමැති තනතුර දෙන්න හදනකොටත්, බයෙන් වෙව්ල වෙව්ලා වැඳ නමස්කාර කරල බෑ කිව්වනේ නේද? ඇයි දැං මෙහෙම?
මෙතුමා ජනප්‍රිය නායකයෙකි.. අවිවාදයක් නැත. එහෙත් ඔබතුමා පියා වගේ දක්ෂ නායකයකු වන බව පෙනෙන්නට නැත. ඔබටද හොරා ඔබ පක්ෂය වෙනත් නායකයකු ඉදිරියේදී පත්කරනු අැත. එමෙන්ම ඔහු ජයග්‍රහණය කරනු අැත.
යන්නේ කොහොමද? ඉදිරියෙන් එන නඩුටික ගන්න බැරිවෙනවා...
අනේ, බහුතරය ගැන හරි මොන ඉලව්වක් ගැන හරි ප්‍රශ්නයක් වෙන්න තනතුරක් බාරගන්න ඕනෑනේ. තනතුරු බාරගන්න් බය අයට මොන ප්‍රශ්නද?
හලෝ රට ආරාජික වුනේ මහබැංකුව කොල්ල කාපු දිනේ සිට. ඇයි මහබැංකුව ගැන වචනයක් කතා නොකරන්නේ? හලෝ ඔබට කරන්න පුළුවන් එකම ඇමතිකම තමයි ඔබ ඔය කරන්නේ... අපේ බදුමුදලින් ගෙවල් හදලා පිනට දෙනවා. ඉංග්‍රීසියෙන් ඕකට කියනවා පීතරගෙන් සොරාගෙන ගෙවනවා කියලා.
මහින්ද 2005 රටබාර ගන්නකොට තිබුණු ප්‍රශ්න ඔබට ආවා නම් කකුල් දෙකට වැඳවැඳ දුවාවි... මහත්තයෝ 1952 ඩඩ්ලි මහතාට බඩේ අමාරුව හැදුණු හැටිත් අපි දැක්කා. අමාරු අවස්ථාවල මෙරට කරගෙන යාමේ හැකියාවක් අැතිකෙනෙක් එජාපෙ නැහැ කියලා අපි දන්නවා.
78 ව්‍යවස්ථාවට කොපමණ පැලැස්තර ඇලෙව්වත් වැඩක් නෑ. එය ජේ.ආර්ගේ සුපිරි ඒකාධිපති වැඩක්. දැන් කයිවාරු ගහල වැඩක් නෑ. බලේ තියනකොට බය වුනානේ ව්‍යවස්ථාව වෙනස් කරලා ජනමත විචාරණයකට යන්න. මේ ව්‍යවස්ථාව අනුව ජනාධිපති විය යුත්තේ අනිවාර්යයෙන්ම පක්ෂ නායකයෙක්... මේක ශ්‍රී ලංකා ඡන්ද දායකයින්ට හොඳ පාඩමක්..
අපි දැක්කා ඔබතුමාගේ තාත්තට දෝෂාභියෝගේ ආපුවෙලාවේ මාසදෙකකට කල්දාලා වැඳවැඳ දුවපු හැටි.. ඕවා හොඳයි අලුතෙන් ඉපදිලා ඉන්න අයට... දෝෂාභියෝගේ දිනපු හැටිත් අපි දන්නවා..