(ඩයනා උදයංගනී)
ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් නොමැති බැවින් අයවැය සම්මත කරගැනීම අසීරු විය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ඒ සඳහා ඔවුන්ට දෙමළ ජාතික සන්ධානයේ සහය අත්‍යාවශ්‍ය බව කී දයාසිරි ජයසේකර මහතා එහි එහි මන්ත‍්‍රීවරුන්ට පෞද්ගලික වාසි වන ආකාරයේ යෝජනාද මෙම අයවැයට ඇතුළත්ව තිබෙන බව පෙනෙන්නේ යැයි සඳහන් කළේය.
මෙවර අයවැයෙන් ජනතා හදවත් තුළ සිහින රැසක් ඇතිකර ඇති නමුත් ඒවා යථාර්ථයක් වේද යන්න ගැටලූවක් බව කී මහලේකම්වරයා එය රටේ ඉදිරි වැඩපිළිවෙළ ගැන කතා නොකරන මැතිවරණ පමණක් ඉලක්ක කරගත් අයවැයක් බව ද කීවේය.
යම් හෙයකින් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පැරදුවහොත් ආණ්ඩුව ද අවසන් වන බව කී මහලේකම්වරයා ඒ බව දැනගෙන කටයුතු කරන්නැයි එක්සත් ජාතික පක්‍ෂ පසුපෙළ මන්ත‍්‍රීවරුන්ට දැනුම් දෙන බව ද කීවේය.
දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (6) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
2025 දෙසැම්බර් මස 04
548
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
488
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බහුතරයක් නැති ආණ්ඩුවට අයවැය සම්මත කරගැනීම අසීරු බව දයාසිරි කියයි
Amila Wednesday, 06 March 2019 12:01 PM
ආන්ඩුවට අය වැය සම්මත කරගන්න අමරුයි කියමුකෝ එතකොට 90ක් වත් එකතුකරගන්න බැරි ජනාධිපති කොහොමද එයාගේ වැය ශීර්ශ සම්මත කරගන්නේ !
de silva Wednesday, 06 March 2019 12:16 PM
අයවැයට විරුධව හෝ පක්ෂව ඡන්දෙ දෙන එක නෙමේ මෙතන වැදගත්කම එකෙන් ජනතාවට සිධුවන සාධාරණ අසාධාරණ කම් පෙන්වා දීම ජනතා නියෝජිතයන් වන ඔබේ වගකීම .
tommy Wednesday, 06 March 2019 12:26 PM
ඉතින් දයාසිරිට පුරුදු පරිදි අනිත් පැත්තට පැනලා... අයවැයට පක්ෂව ඡන්දෙ දෙන්ට පුළුවන්නේ...
sirimal Wednesday, 06 March 2019 12:33 PM
ජනාධිපති තුමාම පිළිගත්තා නේද ඔබතුමාලා මිලියන ගණන් මුදල් වියදම් කරලත් බහුතරය හදා ගන්න බැරි වුනේ සමහරු ඉල්ලපු ගණන් දෙන්න අවශ්‍ය බරපැන සොයා ගන්න බැරි වුණු නිසාය කියලා? ඉතින් මොනවද මේ අනුන්ගේ බහුතරය ගැන තවත් දොඩවන්නේ?
ranil Wednesday, 06 March 2019 12:42 PM
බහුතර නාටකේ අපි දැක්කා නොවැම්බර් ඉඳන්.. නිකන් නටන්නේ නැතුව බෙනේකට රිංගාගෙන ඉන්න..
smn Wednesday, 06 March 2019 02:44 PM
බහුතරය ගැන ආණ්ඩුවට ගැටලුවක් නැහැ. අයවැය දිනනවා. ඇයි දන්නවද? මෙය ජනප්‍රිය අයවැයක්….. අනික විශ්‍රාම වැටුප හදා ගන්න බලාගෙන ඉන්න ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් මන්ත්‍රීවරු, මේ රජයේ ආයුෂය දැන්ම නැති වෙනවට කැමති නැහැ…. දමිළ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේත් සහයෝගය ආණ්ඩුවටයි….. මේ තත්වය තේරුම් ගෙනද කොහෙද විපක්ෂයත් ඉච්ඡාභංගත්වයෙන් පෙළෙන බව පේනවා….
dhammika perera Wednesday, 06 March 2019 07:42 PM
අමාරුවෙන් කරන දේවල් වලින් තමයි උසස් ප්‍රතිපල ලැබෙන්නේ. කරුණාකරලා ලේසියෙන් ලැබෙනකන් බලාගෙන ඉන්නේ නැතුව ඒ යන ගමනට රට වෙනුවෙන් උදව් කරන්න යහපත් රටවැසියෙකු ලෙස. ධම්මික