(විනීතා එම් ගමගේ)
බෙහෙත් පෙති ඇතුළු නිෂ්පාදන රැසකට භාවිතා කරන කැල්සයිට් මෙරට දීම නිශ්පාදනය ආරම්භ කිරීමට තීරණය රජය තිරණය කර ඇත.
මේ සදහා බලංගොඩ කල්තොට කැල්සයිට් නිධිය යොදාගත හැකි බවත් මෙරට අවශ්‍යතාවය අනුව වසර 200 ක් තරම් කාලයකට අවශ්‍ය කැල්සයිට් එහි ඇති බවත් මේ වනවිට හෙලි වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකාදීපයට පැවැසීය.
එසේ තිබියදීත් කැල්සයිට් විදේශ රටවලින් මෙතෙක් ආනයනය කර ඇතැයි කී අමාත්‍යවරයා ඒ වෙනුවෙන් විශාල මුදලක් විදේශයන්ට ඇදී ගොස් ඇතැයි ද කියා සිටියේය.
බලංගොඩ කල්තොට කැල්සයිට් නිධියේ අඩංගු සම්පත් විධිමත් ලෙස භාවිතය සඳහා සියයට 100 ක්ම රාජ්‍ය ආයතනයක් වන භූ විද්‍යා හා පතල් කැණීම් තාක්ෂණික උපදේශන සමාගම වෙත පැවරීමට තීරණය කළ බව ද අමාත්‍යවරයා පැවැසුවේය.
සියලූම බෙහෙත් පෙති වර්ග නිෂ්පාදනයෙ දී කැල්සයිට් (කැල්සියම් කාබනේට්) භාවිතා කරන අතර ඊට අමතරව තීන්ත, දත් බෙහෙත්, තෙල් ගවේෂණය, කැනීම් කර්මාන්තය ප්ලාස්ටික්, දෘඩ පීවීසී පයිප්ප, තීන්ත, තීන්ත, කුඩු ආලේපනය සහ පිඟන් මැටි වෙල්ඩින් රොඞ්ස් වාහන සහ ගෘහ භාණ්ඩ සංයෝග. රබර් කර්මාන්තය සම් රෙදි කර්මාන්තය වැනි කර්මාන්ත සඳහා බහුලව කැල්සයිට් යොදා ගැනේ.
මේ වනවිට බලංගොඩ කැල්සයිට් නිධියේ කැණීම් මගින් හාරා පසෙක ගොඩ ගසා ඇති ටොන් 20,000ක් පමණ වන කැල්සයිට් තොගය පළමුවෙන්ම කැල්සයිට් පවුඩර් වලට හැරවීමට රුපියල් මිලියන 100ක වියදමින් කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් හෙතෙම සදහන් කළේය.
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධී ආයතනය විසින් මේ සම්බන්ධ පර්යේෂණ සිදු කර තිබෙන අතර භූ විද්‍යා හා පතල් කැණිම් තාක්ෂණික සේවා සමාගම හා එක්ව මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ද ඔහු කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඉන්නේ තවත් වැඩ බැරි කටෙන් වැඩ පෙන්වන කෙනෙක්. හතර වටේ මහා වනාන්තර, පූජා බිම්, නටබුන් ඩෝසර් කරා. කෝ කවුරුවත් හිරේ දැම්මද...?