(නිමල කොඩිතුවක්කු)
ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බස් හිමියන් වෙත විශේෂ සහන පැකේජයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
මොනම හේතුවක් මතවත් බස් ගාස්තු ඉහළ දැමීමක් සිදු නොකරන අතර ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් බස් හිමියන් මුහුණ පා ඇති ගැටලු වලට විසදුමක් ලෙස මෙම සහන පැකේජය හඳුන්වා දෙන බවත් අමුණුගම මහතා ලංකාදීපයට සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් මේ සතිය තුල බස් හිමියන් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
බස් ගාස්තු සංශෝධනය නොකර බස් කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා ගත හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස්වල යන මිනිස්සුන්ට සහන නැතිද?
බස්වල යන අයට සහන පැකේජ් හරියන්නේ නැද්ද?