
(නිමල කොඩිතුවක්කු)
බස්රථවලින් කප්පම් ගන්නා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා බුද්ධි අංශ නිලධාරීන් යොදවන බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ලංකාදීපයට පැවසීය.
බස්රථ වලින් කප්පම් ගන්නා පුද්ගලයන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන්නැයි ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී ඇතැයිද ඔහු සඳහන් කළේය.
කොරෝනා වසංගතය හේතුවෙන් පෞද්ගලික බස් කර්මාණ්තය කඩා වැටී තිබියදීත් මාසයකට රුපියල් කෝටි 20ක පමණ මුදලක් කප්පම්කරුවන්ට ගෙවීමට බස් හිමියන්ට සිදුවී ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඉකුත්දා ප්‍රකාශ කළේය.
දිවයිනපුරා තිබෙන පෞද්ගලික බස්රථ 20,000කින් පමණ නිල සහ නොනිල ආකාරයට කප්පම්කරුවන් මෙලෙස කප්පම් මුදල් අයකරන බවද ඔහු කීවේය.
පත්වීමක් නොමැති වේලාසටහන්කරුවන් ඉදිරියේදී සිටිය නොහැකි බවත් නිල වේලාසටහන්කරුවන්ට මුදල් අයකිරීමක් කළ නොහැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
වේලාසටහන්කරුවන් යම් ආකාරයකින් මුදල් අයකිරිමක් සිදුකළහොත් ඒ සම්බන්ධ පැමිණිලි රාජ්‍ය අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරන ලෙසත් බස් හිමියන්ගේ රහස්‍ය බාවය ආරක්ෂාකරමින් නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
COMMENTS
එකෙක් දෙන්නෙක්ට ගහලා ගහලා අතපය කඩලා බස්එකෙන් එළියට තල්ලු කළාම ලස්සනට ඔය ප්‍රශ්නය විසඳෙනවා. කප්පම්කාරයෝ වෙන රැකියා හොයාගනියි. මෙච්චරකල් මේවාට ඉඩදීලා බුදියාගෙන හිටි පොලිසිය ගැනත් යමක් කරන්න ඕනෑ.