
(අශෝක තිලකරත්න)
තිහගොඩ පොලිස් වසමේ අපරැක්ක පාසල ඉදිරිපිට දී අද (4) ඇඟලුම් කම්හලක සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් සහ වෑන් රථයක් ගැටී සිදුවූ අනතුරෙන් ඇඟලුම් සේවිකාවන් දෙදෙනකු මිය ගිය බව තිහගොඩ පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ බෙලිඅත්ත මහහීල්ලේ සහ හෙට්ටියාවල පදිංචි තරුණියෝ දෙදෙනෙක් වෙති.
අනතුරකින් ඇඟලුම් සේවිකාවන් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් තිහගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අහිංසක ළමයි දෙන්නා. ඔවුන්ට නිවන්සුව අත්වේවා.!