IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


බස් රථ දෙකක් ගැටී ඇගළුම් සේවිකාවෝ 10 ක් රෝහලේ

 

(රංජිත් රාජපක්ෂ) 

                     
ලංගම බස් රථයක් සහ ඇගළුම් කර්මාන්ත ශාලා සේවිකාවන් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් ඇගළුම් කර්මාන්තශාලා සේවිකාවන් 10 දෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුළත් කළ බව නොර්වුඩ් පොලිසිය පවසයි.

මෙම අනතුර සිදුවී ඇත්තේ අද (15) උදැසන හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේදිය.

බගවන්තලාව සිට හැටන් ඇගළුම් කර්මාන්ත ශාලාවක් දක්වා ඇගළුම් සේවිකාවන් රැගෙන අධික වේගයෙන් ධාවනය වී ඇති පෞද්ගලික බස් රථය හැටන් සිට බගවන්තලාව දක්වා ධාවනය වූ ලංගම බස් රථයේ ගැටී මෙම අනතුර සිදුවී තිබේ.

බස් රථ දෙක අනතුරට පත් වන අවස්ථාවේ ඇගළුම් කර්මාන්ත ශාලා සේවිකාවන් ප්‍රවාහන කළ බස් රථය තුළ 25 දෙනෙකු පමණ ගමන් කර ඇති අතර , ලංගම බස් රථයේද මගින් 30 කට ආසන්න පිරිසක් සිටි බව නොර්වුඩ් පොලිසිය පවසයි.

දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කල ඇගළුම් කර්මාන්ත ශාලා සේවිකාවන් දෙදෙනෙකු බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බවත්, තවත් 8 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරු පවසති.

පෞද්ගලික බස් රථයේ රියදුරා සැකපිට නොර්වුඩ් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර සැකකරුට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද නොර්වුඩ් පොලිසිය පවසයි.



අදහස් (1)

බස් රථ දෙකක් ගැටී ඇගළුම් සේවිකාවෝ 10 ක් රෝහලේ

dhamnth Tuesday, 15 September 2020 05:26 AM

ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය කරන බොහොමයක් රියදුරන් නිතරම කන්නාඩියෙන් පිටුපස බලනවලු...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 536 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 483 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site