
(එම්.සුසිල් ප්‍රියන්ත)
බූස්ස සතොස ගබාඩාවෙන් කොළඹ සතොස අලෙවි හල් හතරකට බෙදා හැරීමට ලොරි රථයක පටවාගෙන ගිය ලක්ෂ 50 ක් පමණ වටිනා ආහාර ද්‍රව්‍ය තොගයක් වෙන්නප්පුවේ පෞද්ගලික වෙලද සලකට අලෙවි කොට භාණ්ඩ ප්‍රවාහනය කර ලොරි රථය මග දමා පලා ගිය ලොරි රථයේ රියදුරා සහ රිය සහයකයා අද (17) පස්වරුවේදි අනුරාධපුර පදවිය ප්‍රදේශයේ සැගව සිටියදි සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව රත්ගම පොලීසිය කියයි.
මේ සමගම ලොරි රථයේ රියදුරා සහා රිය සහයකයා විසින් අලෙවි කරන ලද භාණ්ඩ වලින් කොටසක් හා එම භාණ්ඩ මිලදිගත් පෞද්ගලික වෙලද සල් හිමියාද සැකපිට ප්‍රශ්න කිරීම සදහා දංකොටුවේදි අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.
ලොරි රථ රයදුරා සහ රිය සහයකයා විසින් අතරමග දමා ගිය ලොරි රථය ඔරුගොඩවත්ත ප්‍රදේශයේදි සොයා ගැණුනු බවද පොලීසිය කියයි.
කොළඹ සතොස අලෙවි සැල් හතරකට බෙදා හැරීම සදහා මේ බඩු තොගය බූස්ස සතොස ගබඩාවෙන් පටවා ඇත්තේ නොවැම්බර් මස 12 වැනිදා රාත්‍රියේ බවද පොලීසිය කියයි.
මේ භාණ්ඩ තොගය බූස්සේ සිට කොළඹට ප්‍රවාහනය කිරීම සදහා ප්‍රයෝජනයට ගෙන ඇත්තේ පෞද්ගලික ප්‍රවාහන සමාගමක ලොරි රථයක් බවද පොලීසිය කියයි.
රත්ගම පොලීසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂන පවත්වයි.
2025 නොවැම්බර් මස 21
58
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
157
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1009
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
බූස්ස සතොසෙන් ලක්ෂ 50 ආහාර හොරකමක්