IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බූස්ස සතොසෙන් ලක්ෂ 50 ආහාර හොරකමක්

(එම්.සුසිල් ප්‍රියන්ත)

බූස්ස සතොස ගබාඩාවෙන් කොළඹ සතොස අලෙවි හල් හතරකට බෙදා හැරීමට ලොරි රථයක පටවාගෙන ගිය ලක්ෂ 50 ක් පමණ වටිනා ආහාර ද්‍රව්‍ය තොගයක් වෙන්නප්පුවේ පෞද්ගලික වෙලද සලකට අලෙවි කොට භාණ්ඩ ප්‍රවාහනය කර ලොරි රථය මග දමා පලා ගිය ලොරි රථයේ රියදුරා සහ රිය සහයකයා අද (17) පස්වරුවේදි අනුරාධපුර පදවිය ප්‍රදේශයේ සැගව සිටියදි සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව රත්ගම පොලීසිය කියයි.

මේ සමගම ලොරි රථයේ රියදුරා සහා රිය සහයකයා විසින් අලෙවි කරන ලද  භාණ්ඩ වලින් කොටසක් හා එම භාණ්ඩ මිලදිගත්  පෞද්ගලික වෙලද සල් හිමියාද සැකපිට ප්‍රශ්න කිරීම සදහා  දංකොටුවේදි අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.

ලොරි රථ රයදුරා සහ රිය සහයකයා විසින් අතරමග දමා ගිය ලොරි රථය ඔරුගොඩවත්ත ප්‍රදේශයේදි සොයා ගැණුනු බවද පොලීසිය කියයි.

කොළඹ සතොස අලෙවි සැල් හතරකට බෙදා හැරීම සදහා මේ බඩු තොගය බූස්ස සතොස ගබඩාවෙන් පටවා ඇත්තේ නොවැම්බර් මස 12 වැනිදා රාත්‍රියේ බවද පොලීසිය කියයි.

මේ භාණ්ඩ තොගය බූස්සේ සිට කොළඹට ප්‍රවාහනය කිරීම සදහා ප්‍රයෝජනයට ගෙන ඇත්තේ පෞද්ගලික ප්‍රවාහන සමාගමක ලොරි රථයක් බවද පොලීසිය කියයි.

රත්ගම පොලීසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂන පවත්වයි.



අදහස් (0)

බූස්ස සතොසෙන් ලක්ෂ 50 ආහාර හොරකමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site