IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


බූස්සේ අපරාධකරුවන් හා සබඳතා පැවැත්වූ නිලධාරීන් 15ක් හඳුනාගැනේ

(ජයන්ත සමරකෝන්)

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල හා මත්කුඩු අපරාධකරුවන් හා සමීප සබඳතා පවත්වා ඇති බවට සැකකරන නිලධාරීන් 15දෙනෙකු පිළිබඳව බුද්ධි අංශ මගින් තොරතුරු හෙළිකරගෙන ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.

සීසීටීවී කැමරා ඔස්සේ බුද්ධි අංශ නිලධාරීන් විසින් කරන ලද නිරීක්ෂණයට මෙම නිලධාරීන් පිළිබඳ තොරතුරු හෙළි වී ඇතැයිද පැවසේ.

මෙම නිලධාරීන් අතර ජේලර්වරුන් හා නියාමකවරුන් කිහිපදෙනෙකු සිටින බවද, දැනගන්නට තිබේ.

මීට පෙර හඳුනාගත් නියාමකවරයා පිළිබඳ වාර්තාවක් බන්ධනාගාර මූලස්ථානය වෙත යවා ඇති අතර මෙම නිලධාරීන් පිළිබඳව ද බන්ධනාගාර මූලස්ථානය වෙත වාර්තා කිරීමට නියමිතය.

මේ වනවිට දිවයිනේ දරුණු ගණයේ පාතාල අපරාධකරුවන් හා මත්කුඩු ජාවාරම්කරුවන් 131දෙනෙකු බූස්ස බන්ධනාගාරයේ විශේෂ තනි සිරකුටිවල රඳවා සිටිති.



අදහස් (1)

බූස්සේ අපරාධකරුවන් හා සබඳතා පැවැත්වූ නිලධාරීන් 15ක් හඳුනාගැනේ

ලලිත් අම්බලන්ගොඩ Tuesday, 28 July 2020 12:41 AM

තවදුරටත් සොයා ගියොත් මේ අය අතරේ අපේ දේශපාලකයින් ඕනෑතරම් ඇති. දේශපාලකයින්ගේ සහභාගිත්වයෙන් තොරව මේ රටේ අපරාධ සිදුවන්නේ නැහැ. අතිගරු ජනාධිපතිතුමනි, තැබූ පියවර ආ පස්සට ගන්න එපා. මේ එකෙක්වත් එල්ලා මරන්න ඕනෑ නැහැ. ඔන්න ඔහොම තනි තනි කාමරවල දමලා ඉන්න දුන්නාම ඇති. ඔය අපරාධකරුවන් මැරෙන්න ඕනෑ විඳවලා... මේ අතර ලංකාවේ නිලධාරිවාදයත් ඉක්මණින්ම තුරන් කරන්න. නිලධාරි වාදය කියන්නේ, පාතාලයට වඩා දරුණු එකක්. මේ ලියන මම වසර 8කුත් මාස 6 ක් දුක් විඳිනවා.. නිලධාරින් මගේ රස්සාව අහිමි කරලා. මගේ උස අඩි 5 යි අගල් 3 යි. නමුත් මගේ රස්සාව සම්බන්ධයෙන් මම ලියපු ලිපිගොනුවල උස දැන් අඩි 6 කට වැඩියි. කරපු මහා පරිමාණයේ රාජ්‍ය දේපළ වංචාවක් සදහටම වසන් කරන්න තමයි මගේ රස්සාව නැති කලේ. ඒ නිසා නීතිය රජ කරවන්න. පාතාලය සහ කඩු ගැන පමණක් හිතන්න එපා. නිලධාරිවාදය ඊට වඩා අති භයානකයි. නිලධාරින් කරන වැරදි අසාධාරණ වැඩ නිසා පාතාලය බිහිවෙන්න පුලුවන්. නිලධාරින් මෙන්ම පොලිසිය කරන අසාධාරණ වැඩ නිසා පාතාලය බිහිවෙන්න පුලුවන්. මේ ගැන හොඳ සමීක්ෂණයක් කරන්න. මම අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඔබතුමාට මේ ගැන හොඳ අවබෝධයක් තියෙනවා. වැඩේට අත ගහන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 29 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 144 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 991 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site