(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තුවට පැමිණ රටේ ආර්ථික සංවර්ධනයට දායක වන ලෙස රජයේ සියලු පාර්ශවවලින් බැසිල් රාජපක්‍ෂ මහතාට දැඩි ඉල්ලීමක් ඉදිරිපත්ව ඇති නිසා එතුමාට මෙවර එය ප්‍රතික්‍ෂේප කිරීමට නොහැකි වනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා අද (28) පැවසීය.
බැසිල් රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ නම් එතුමා වෙනුවෙන් සිය අසුන පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් කැමැත්ත පළ කර ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවා වසර හතරක් ඇතුළත රටේ දැවැන්ත පක්ෂ පහළට දමා ජනාධිපතිවරයෙක් හා ආණ්ඩුවක් බිහිකළ බැසිල් රාජපක්‍ෂ මහතා කටයුතු කළ බව කී කාරියවසම් මහතා පසුගිය මහින්ද රාජපක්‍ෂ රජය යටතේත් ආර්ථික වර්ධන වේගය සියයට 7ක් පමණ දක්වා ඉහළ ගෙනඒමට හැකිවූයේ එතුමාගේ අති දක්ෂ ආර්ථික හැසිරවීම නිසා බව ද කීවේය.
පාර්ලිමේන්තුවට පැමිණ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් වගකිවයුතු කාර්ය භාරයක් ඉටුකරන ලෙස ආණ්ඩුව පිහිටවූ දා සිටම පක්‍ෂයේ ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් පාලන ආයතන නියෝජිතයන්, අනුබද්ධ සංවිධාන ඇතුළු සියලු දෙනා බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීම් කළ ද ඔහු මෙතෙක් කල් ඒ ගැන එකඟතාවයක් පළ කළේ නැතැයි සාගර කාරියවසම් මහතා පැවසීය.
බැසිල් රාජපක්‍ෂ මහතා වෙත දැන් යළිත් ඒ ඉල්ලීම ඉතා දැඩි ලෙස ඉදිරිපත් වී ඇති බවත්, ආර්ථික කළමනාකරණය ගැන සුවිශේෂී හැකියා දක්‍ෂතා ඇති එතුමා පවතින කොවිඩ් වසංගත තත්වය මධ්‍යයේ වුවත් පැමිණ සුවිශේෂී දෙයක් කරනු ඇතැයි පාක්‍ෂිකයන් හා ජනතාව බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙවර එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර නැති බවත්, පාර්ලිමේන්තුවට පැමිණෙන කාලය ඔහු තීරණය කළ යුතු බවත් කාරියවසම් මහතා කීය.
COMMENTS
අපේ මිනිසුන් පුද්ගල වන්දනාවේ යාම කවදා නතර කරයිද?
"ආර්ථික කළමනාකරණය ගැන සුවිශේෂී හැකියා දක්‍ෂතා ඇති එතුමා" අනේද කියන්නෙ , අපි නොදන්නා මොනරතැන්න.
අනේ පව් එයා හරිම අහිංසකයි
අසුන විතරද දන්නැ දෙන්නෙ.
ඒකට හරියන්න ලැබෙනවා කුට්ටිය...
පුදන්නේ නෑ බලෙන් ගන්නේ බලෙන්..
එතකොට ජනාධිපති මල්ලිලාට, අගමැති අයියලාට ආර්ථිකය කරගෙන යන්න බෑ ඒ කියන්නේ... එහෙම නම් වැඩ බැරි අගමැතිව ඉස්සෙල්ලා ගෙදර යවලා ඉන්න.
පුදන එක කෙසේ වෙතත් බලෙන් අරගෙන වෙන තානාන්තරයක් දෙයි.
ඔය අසුන් පුදනන යන සේරම අය මතක තියාගනන අපි තමයි කතිරේ ගහල ගෙනාවේ
රැවටුණු අහිංසක 69 ලක්ෂය නෙමෙයි මෙන්න නියම වහල්ලු...
මේ ගොබ්බ ගෝත්‍රිකයින් හිතන්නේ මේ දෙවියන් කියලාද...? ජීවිතාන්තයේම හිරේ නේද ඉන්න ඕනේ..?
අපිට කවදා මේ පවුලෙන් ගැලවීමක් ලැබෙයිද?
මෙතුමාට පාර්ලිමේන්තු ඒමේ සුදුසුකම් බොහෝමයි. ඒ මොනවාද යත්, මෙතුමා නිරෝධායනය සඳහා පිටරැටියන් ගෙන්වා කෝවිඩ් බෝවෙනවා දැයි අත්හදා බැලීමක් කළා. එයින් මේ රටට සිදුවූ සේවය ගැන කියන්න වචන නැහැ. ඒ වගේ තවත් උදාහරණ තියෙනවා. බ්‍රැන්ඩික්ස් පොකුර ගැන කවුරුත් දන්නවා. මේ අතින් බලනාවිට, මෙතුමාගේ රජවාසල පැමිණීම හොඳ දෙයක් ලෙස පෙනෙනවා.
මැතිවරණයට ඉදිරිපත් වෙලා පරාජය වෙලත් නැත්නම් ජාතික ලැයිස්තුවේ නමත් නැත්නම් මන්ත්‍රී ධුරයක් ලබාදීමත් ඇමති තනතුරක් බාර ගැනීම නීති විරෝධී වැඩක් නේද? ඒක වෙන්න ඇති පරක්කු. එහෙම නැත්නම් මේ රටේ දැන් ක්‍රියාත්මක වෙන්නේ කැලෑ නීතියද?
මල්වානේ දේපල ගැනත් සොයාබලන්න.
ඔය ජාතික ලැයිස්තුවෙන් ගියපු වැඩි දෙනෙක් පිං පඩි ගන්නේ. මෙලෝ රහක් නැහැ... එහෙම බැලුවාම මෙයා යන එක හොඳයි. තවත් අය ඉවත් වෙලා වැඩක් ඇති අය යවන්න.