(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර ප්‍රදේශයේ අක්කර එක හමාරක පොල් ඉඩමක් රුපියල් මිලියන 60කට මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව මාතර උසාවියේ පවතින නඩුව ලබන වසරේ මාර්තු 18 වැනිදා දක්වා කල් තැබීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (19) නියෝග කළේය.
සැකකාර බැසිල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
ඒ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය දරණ සමයේ මෙම ඉඩම් ගනුදෙනුව සිදුව තිබේ.
ඔහුගේ මස්සිනා වන පශූ වෛද්‍යතිස්ස ගලප්පත්ති හා නෑනා වන අයෝමි පුණ්‍යකාන්ති ගලප්පත්ති යන දෙදෙනාගේ නාරාහේන්පිට පෞද්ගලික බැංකුවක වු බද්ධ ගිණුමට සිංගප්පූරුවේ ඊගල් ගෲප් ඇසෝසියේටඩ් ආයතනයෙන් හා හොංකොංහී වර්ඩ් ඩයමන් ආයතනයෙන් ලැබී තිබූ මුදල්වලින් ඔවුන් විසින් එම ඉඩම මිලට ගෙන ඇත.
ඒ ඉඩමේ හිමිකරු වූ ජර්මන් ජාතික හර්බට් කෙලර් යන අයට මුදල් ගෙවීමෙනි.
ඒ සඳහා වැය කළ මුදල් උපයා ගත් ආකාරය ප්‍රශ්න සහගතවීම නිසා මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙම නඩුව පවරා ඇත.
වැඩිදුර නඩු විභාගය ලබන වසරේ මාර්තු මස 18 වැනි දිනට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ අම්මගේ විනිශ්චයකාරයෙක්නේ... ඉතින් මේවගේ 2ක් නඩුව කල්ගියම ආණ්ඩුවේ කාලේ ඉවරයි. ඉතින් හොරකම් කරන්න බය කෙනා කවුද? මෙහෙමත් නඩුකාරයෝ
ඔය වගේ දේවල් බැසිල්ට බැරිනම් කාටද පුළුවන්?
ඕක ඉතින් අහන්නත් ප්‍රශ්නයක්ද? "රටේ ජනතාවගේ මුදල් හොරකම් කරලා" කියලා උත්තරය ලියා ගත්තා නම් ඉවරයිනේ? කොහොමත් ඉතින් මෙවැනි පුවත් දකිද්දී, නිතර පත්තර බලන අයත් ඇස් දෙක පියාගෙන අහක බලා ගන්නවා. ඒකනේ මේ පුවත දෙස වැඩි දෙනෙක් හැරිලා බලලාවත් නැත්තේ? මේ අයගේ නම් දැක්කත් සමහරකගේ බඩ බුරුල් වෙන බුරුල් වෙනවා ඇති නේද?
මම දුටුවා එක් වීඩියෝවක්. කියනවා ගෙදර එක්තරා දානොත්සවයකට මුදල් නොමැතිව වත්තේ තිබුණු පොල්ගස් දෙකක් කපලා විකුනලා තමයි එම දානය දුන්නේ කියා ? දැන් මේවා මෙහෙම දකිනකොට මට අහන්න ඕනේ ඇලඩින්ගේ පහන මොහු ලඟද තිබෙන්නේ කියලා ?