
(අප්සරා යෝසිත් විජේසූරිය සහ ලසන්ත නිරෝෂණ පෙරේරා )
රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගයේ පුස්සැල්ලේදී අද (16) බස්රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මගීන් 12ක් අනතුරට ලක්ව ඇතැයි පොලිසිය පවසයි.
බලන්ගොඩ සිට පැමිණි බස්රථයක් මාවනැල්ලෙන් ආ බසයක ගැටී මෙම අනතුර සිදුව තිබේ.
තුවාල ලද පිරිස අතර සබරගමු පළාත් සභාවේ සේවය කරන කිහිප දෙනකු සිටින බවත් ඇතැමුන්ගේ අත් පා වලට හනි සිදුව ඇති බවත් රෝහලේ ආරංචි මාර්ග පවසයි.
මේ අනතුරින් තුවාල ලැබුවන් 08ක් රත්නපුර රෝහලේ සිටින අතර, ඇහැලියගොඩ රෝහලටත් කිපදෙනෙක් ඇතුළත් කර ඇතැයි ද එම පිරිස අතර කාක්තාවන් 04ක් පමණක් සිටිනා බවද රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
මේ පිළිබඳව කුරුවිට පොලිසිය පරික්ෂණ සිදුකරයි.

ඡායාරූප - ලසන්ත නිරෝෂණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd