(ඔගස්ටින් ප්‍රනාන්දු සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වවුනියාවේ සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද(18) මාරවිල මහවැවදී ට්‍රාන්ස්ෆෝමරයක ගැටී සිදු වූ අනතුරෙන් පුද්ගලයන් සිව්දෙනෙකු මිය ගොස් 19 දෙනෙකු තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කළ බව මාරවිල පොලිසිය කියයි.
තුවාලකරුවන් අතර පුත්තලම යුද හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා ගම්බිම් බලා යමින් සිටි හමුදා සාමාජිකයන් තිදෙනෙකුද නාවික හමුදා සාමාජිකයකුද කාන්තාවන් සිව් දෙනෙකු ද සිටින බවට රෝහල් ආරංචි මාර්ග පවසයි.
රියදුරුට බස් රථයේ වේගය පාලනය කර ගත නොහැකිව පාරෙන් ඉවතට පැන අසළ තිබූ විදුලි කණුවක ගැටී අනතුරකට ලක්වූ බව ප්‍රදේශවාසීහු පැවසූහ.
අනතුරින් මරණයට පත් සිව්දෙනාම පුරුෂයන් බවත් මිය ගිය පුද්ගලයන් මෙතෙක් හඳුනාගෙන නොමැති බවත් ඔවුන් වවුනියාව හා අවට ප්‍රදේශවල පදිංචිකරුවන් විය හැකි බවත් පොලිසිය පවසයි.
මාරවිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(ඡායාරූප - ඔගස්ටින් ප්‍රනාන්දු)


(ඡායාරූප - හිරාන් ප්‍රියංකර)





COMMENTS
"රියදුරුට බස් රථයේ වේගය පාලනය කර ගත නොහැකිව". දුප්පත් මගියාට ගිය කලක්... ප්‍රධාන පක්ෂ 2, රනිල් සහ ගෝඨාට මේවා නොපෙනේ. ජවිපය සහ පෙරටුගාමිකයන්ට මේවා නොපෙනේද? මුළුරටම අවුල්? පළමු පුරවැසි (ජනපති) පළමු නීතිය වන ව්‍යවස්ථාව කඩයි නම්, සෙසු හරක් ගැන කවර කතාද? පළමුව කළ යුත්තේ විනය හැදීම... මේ ගැන ගෝඨාභය කියනවා. බය ඇති කළයුතුය. කීප දෙනෙකුට මියයාමට සිදුවේ. අපේ රටේ සිදුවන්නේ කැඩුණු පුරාණ දාගැබ් උඩ නැග ෆොටෝ ගන්න අහිංසක දරුවන්ට දඬුවම් දීමවේ...
මේ පෞද්ගලික බස් රථ සමාගමේ බොහොමයක් බස් රථ මාර්ග නීති තුට්ටුවකටවත් මායිම් නොකර ධාවනය කරන්නේ... අනිත් වාහන අයින් කරන්න වෙනවා මේවා ධාවනය කරද්දී...
ඉන්දියානු ලොරි චැසි වලට බස් බොඩි තබා මගී ප්‍රවාහනයට යෙදෙව්වාම මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්නම ඕනේ. මාරයා ආවේශ වුවන්සේ කිසිදු මාර්ග නීතියක්ද ගරු නොකොට හැකි උපරිම වේගයෙන් ධාවනයේ යෙදෙන රියදුරන් තම වාහනය හදිසි නවත්වා ගැනීමක් ගැන කිසිසේත් සිහි නොකරති. මෙවන් මගමරුවන් අතෙහි පවතින අපගේ ජීවිත ගැන කෙසේ විශ්වාසයක් තබමුද ? දේශපාලකයට සක්‍ර භවන හා සමාන අධි සැප වාහනය. ඒත් ජනතාවට තාක්ෂයෙන් පහල බස්ය.
මුලිකම දේ නොසැලිකිලිමත්කම. තමන් ජීවිත ගණනාවක් සමග ගනු දෙනු කරන වග අමතක වෙනවා සුක්කානම අතට ගත්තම. රියදුරු අසුනේ වාඩිවුනාම තමන්ට වැඩිය කෙනෙක් නැහැ කියන හැගීම උඩ ඔවුන් බසය ධාවනය කරන්නේ. විශේෂයෙන් දුර ගමන් සේවා ධාවනය කරන්නෙම අධික වේගයෙන්. කිව්වත් වගේ මාර්ග නීති තුට්ටුවකට මායිම් කරන්නේ නැහැ. සමහර අය මත් වෙන යමක් පානය කර ධාවනය කරනවා. ප්‍රශ්න ගොඩයි. බලධාරීන් කිසිම වැඩක් නැහැ. පුද්ගලික සේවයකින් අන්තිම නරකම සේවම මේ පුද්ගලික බස් සේවය.
සියලුම බස් ආයතන වලට වේග පාලන සිමා නිතී හා මාර්ග නීති දැඩිව ක්‍රියාත්මක විය යූතුයි, තවද අධික වේගයෙන් ධාවනය කරන සියලුම වාහන සදහා අධික මුදලක් පොලීසිය විසින් අය කල යුතුයි. තවද තත්ත්වයෙන් තොර ඉන්දියන් බස් රථ ආනයනයෙන් ඉවත් කල යුතුයි... ඊට පිලියමක් ලෙස ලංකාවෙ එකලස් කරන මයික්‍රො සමාගමේ බස් රථ හො කොරියාවෙන් ආනයනයන් කර තත්ත්වයෙන් උසස් බස් රථ මාර්ග ධාවනයට රජය මැදිහත් විය යුතුයි....
මේ බස් සමාගම් වල එකම අරමුණ කොහොම හරි මුදල් ඉපයීම. ඒක තමයි මේ අනතුරුවලට මුලික හේතුව.
දැන් මෙම රථය පදවාගෙන ආපු කෙනාගේ රියදුරු බලපත්‍රය සදහටම අහෝසි කරයිද?. ලංකාවේ මිනිස්සු නීතියට ගරු කරන්නේ දඩුවමට බය මිසක් වෙන දේකට නොවේ. දඩුවමට බය නැති මිනිසුන් කොට්ටාසයක් ඉන්නවා කියලා බලධාරීන්ට කවද තේරෙයිද ?
තමාගේ වාහනය ඕවටේක් කරාම එය කල පොලිස් නිලදාරියාට සබ්බුව දෙන නීති හදන පාර්ලිමේන්තු මන්තිරි බුවාලා ඉන්න මේ රටේ මේවා ගැන අහන්ටත් දෙයක්ද?
වේගය පාලනය කර ගැනීමට නොහැකි කෙනෙකු රියදුරෙකු වුයේ කෙසේද ? පදවන රථය පාලනය කිරීමට නොහැකි කෙනෙකු කිසි සේත්ම රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට කොහෙත්ම සුදුසු නැත යන්න අපගේ තර්කයයි.
මෙම ප්‍රවාහන සමාගම කොහොමත් මාර්ග නීති, පදිකයන් අනෙකුත් මහාමාර්ගයේ ගමන් ගන්නා වාහන තුට්ටුවකටවත් මායිම් නොකරන ආයතනයක්... රියදුරන් සම්මුඛ පරීක්ෂණයේදී මෙම ආයතනය මගින් දෙන කෙටිවෙලාව අතරතුර ඔවුන් කියන ස්ථානයට බස්රථය ධාවනය කළයුතුයි. රථ වාහන පොලිසියට මෙම ආයතන පාලනය කරන්න තාම බැරිවෙලා තියෙනවා. මොවුන්ට මොනයම් හෝ දේශපාලන හෝ වෙනත් බලයක් තියෙනවා.
බස් සමාගම අනුරාධපුර - කොළඹ දුවන අවිනීතම සමාගමයි.
ඔය වව්නියා කොළඹ ඉගිල්ලිලා යන බස් දිහා පොලිසිය හැරිලාවත් බලන්නේ නැහැ. බස් රථය පදවූ රියදුරා සදාකාලික අබ්බගාතයෙක් වුනා නම් තමයි හොඳ... පව් අසරණ මගීන්ට කාගේ පිළිසරණක්ද? අඩුතරමේ මේ බස් රථවල ගමන් කරන මගීන්ව රක්ෂණය කරලද කියලා සොයලා බලන්නවත් අපේ රටේ වගකිව යුතු බල්ලෙක් වත් නැහැ. බල්ලන්ටම ගිය රට?
මොවුන් කරන්නේ හරක් වගේ පාරේ යන එක. නීති කිසිම ගානක් නෑ. මේ අහිංසක මිනිසුන්ගේ ජීවිතවලට වග කියන්නේ කව්ද..? මේවට ඉක්මන් නීති ගෙන ආ යුතුයි..
දියුණු රටවල්වල මගීන්ගේ ආරක්ෂාව සඳහා තද නීති රීති පනවල තියන්නේ. මගීන් ප්‍රවාහන සඳහා විශේෂ රියදුරු බලපත්‍ර අවශ්‍යයි. දවසේ වැඩ පටන්ගන්නවිට පැය දහයක විවේකය අවශ්‍යයි. ඒ වගේම බීමත්වද පිළිබඳවත් පරීක්ෂණ කරනවා. වාර්ෂිකව වෛද්‍ය සහතික ඉදිරිපත් කළයුතුයි. ප්‍රවාහන සම්බන්ධ මද්‍ය රජය සහ පළාත් ඇමතිලා කිහිපදෙනෙක් ඉඳලත්, බස් සංගම් තිබුණත් මගීන්ගේ ආරක්ෂාව සඳහා කිසිම පියවරක් නැහැ. 1948 ඉඳන් බලයට ආපු පාලකයෝ කියන්නේ අපි තාම දියුණුවෙමින් පවතින රටක් කියලා...
මේ රටේ විනයක් නැත . බස් වර්ජන වලට බය නිසා හරි දේ රජය නොකරයි.
මෙවැනි පාපතර රියදුරන්ට මින් මතු ජීවිතාන්තය දක්වාම රියදුරු බලපත් දීමෙන් වළකින්න. අධික වේගයෙන් රිය ධාවනය කරන රියදුරන්ගේ රියදුරු බලපත්‍රය වසර 5 කට වත් අහෝසි කරන්න නීතිගරුක රියැදුරන්ට මෙවැනි නීති වලින් අගතියක් ඇතිවන්නේ නැත.
දවසකදී ගෙදරින් එලියට බහින පුද්ගලයන්ගෙන් 20 දෙනෙක් විතර ගිය ලෙසම නැවත ගෙදර එන්නේ නැති රටක්... එයිනුත් 8දෙනෙක් විතර සදහටම ගෙදර නොඑන රටක්. 30 වසරක යුද්ධයෙන් මියගිය ජීවිත ගණනට වඩා වැඩියි පසුගිය වසර 30 තුළ මාර්ග අනතුරුවලින් මිය ගිය ගණන. අනතුරු පසුපසින් ගොඩනැගෙන සමාජ ව්‍යාකුලත්වය ඉතාමත් භයංකාරයි. මේ අනතුරින් මියගිය ගණන 4යි. නමුත් කවුද වාර්තාකරන්නේ මේ ජීවිත 4 සමගින් වැළලෙන ඒ හා බැඳුන අනෙකුත් ජීවිත සම්බන්ධව. දරු පැටව් ගණන, කනවැන්දුම් ජීවිත. මේ මියයන්නේ අහිංසක ජීවිත. වැරදිලාවත් අහන්න ලැබෙනවද රිය අනතුරකින් නැතිවුන මන්ත්‍රී, ඇමති කෙනෙක්... අඩු තරමේ ඔවුන්ගේ පවුලේ කෙනෙක්... රිය අනතුරු වළක්වාගන්න වැඩපිළිවෙලක් හදාගන්න ඔවුන්ට වුවමනාවක් නැහැ. මක්නිසාදයත් එය ඔවුන්ගේ ප්‍රශ්නයක් නොවෙයි. ප්‍රශ්නය අපේ නම් විසඳුම සෙවිය යුත්තෙත් අපිමයි. පක්ෂයක්, පුද්ගලයෙක් වෙනුවෙන් ඡන්දය භාවිතා කරනු වෙනුවට, ජනතාවට හැකි අයුරින් කණ්ඩායම් ගතවී අපේ පොදු අවශ්‍යතා හඳුනාගෙන එය අපේක්ෂකයින්ට ඉදිරිපත්කළයුතුයි. මෙතුවක්කල් අපි කෙරුවේ අනුන්ගේ ඊනියා ප්‍රතිපත්තියක් වෙනුවෙන් කඩේ යාම විතරයි. ජනතාවගේ සැබෑ ප්‍රශ්න විසඳන්න හැකිවෙන්නේ එවිටයි...
රටක් පාලනය කරන්න බැරි නායකයන් ඉන්න මේ රටේ වාහනයක් පාලනය කරගන්න බැරි ඩ්‍රයිවර්ලා ඉන්න එක පුදුමයක් නොවෙයි!
ඩී එස් සමාගම පිළිලයක් තහනම් කරන්න. රියදුරන් තිරිසන්නු...
මේ රටේ ඉන්න අවිනීතම අසික්කිතම මනුස්ස කොට්ඨාශය තමයි බස් රියැදුරන්... දේශපාලකයන්ටත් වඩා මට නම් මොවුන් හිරිකිතයි...
විශේෂයෙන්ම ලංකාවේ දුර ගමන් බස්රථවල රියදුරන්ගේ නොහික්මුණු භාවය බොහෝවිට අප දැක ඇත. මෙයට පොලිසියත් බලපත්‍රය දෙන අයටත් කළ හැකි දෙයක් නැත. කළයුත්තේ දැඩි නීති ක්‍රියාත්මක කිරීමයි. ඔය විනයක් නැති රියදුරා පැදවූ බසයේ ඔබ දරුවන් සමග ගමන් ගත් අවස්ථාවක් නම් මෙය ඔබගේ ජීවිතයට සහ දරු පවුලට කෙතරම් හානියක් කළහැකිද? හැමදාම කියනවා පමණයි ටික දිනකින් හැමෝටම අමතකයි...
මේවා ගැන රට ගැන වගේ වගක් නැහැ.. අපරාද රියඅනතුරු, මත් උවදුර, අවනීතිය, සොරකම් මාර්ග තදබදය ගහමරා ගැනීම්....
මේ මාරක අනතුර පසුපස සිටින්නේ අවිනීත රියදුරන්ට වඩා, බස් රථ අයිති කොම්පැනි කාරයින්ය. ඔවුන්ගේ එකම පරමාර්ථය මිනි මරා හෝ මුදල් සොයා ගැනීමයි. මෙවැනි දේ ලංකාවේ පාලනය කල හැකි හොඳම ක්‍රමය නම් මෙවැනි අනතුරුවලට ගොදුරු වුවන් සඳහා විශාල වන්දි මුදල් බස් කොම්පැනි වලින් අය කර ගැනීමට හැකි වන සේ නීති සම්පාදනය කිරීමයි. පොලිසියට රටේ සෑම මාර්ගයක්ම ආවරණය වන පරිදි රාජකාරි කළ නොහැකි බැවින්, පොලිසියට රටේ සියලු ස්ථානවල සිදුවන අනතුරු වැළක්විය නොහැක...
මේ ප්‍රශ්නයට ලේසිම විසඳුම තමයි පාරේ තැන් තැන් වල වේගමාපක සවි කරලා අධික වේගයෙන් යන වාහන වලට දඩකොල ගෙදරට එවීම. ඕකට සුළු මුදලක් යන්නේ. ලොකු මුදලක් ගියත් සියලුම වාහන අයිතිකරුවන්ගෙන් එම මුදල අය කර ගන්න එකයි රජය කල යුත්තේ.
මමත් දවසක් මිහින්තලේ ඉඳලා කොළඹ බස් එකක ආවා. දඹුල්ලට ටිකක් එහාදී එලවාගෙන ආපු රියැදුර 80 වක විතර ස්පීඩ් එකෙන් දුවන බස් එකේ සීට් එකෙන් අයින් වෙලා අනිත් රියදුරාට ඉඳ ගන්න ඉඩ දුන්නා. මටත් දෙවියන් බුදුන් සිහිවුනා. විනාඩි 5ක් ගියේ නැහැ දඹුල්ලට ආවා. එතෙන්දි මාරුවෙන්න තිබුනනේ. අහිංසක මගියා මොනවා කරන්නද .