IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බස්නාහිර පළාත තුළ දුම්රිය ගමන්වාර 70වක් හෙට සිට

(නිමල කොඩිතුවක්කු සහ ඩයනා උදයංගනී)

බස්නාහිර පළාත තුළ  හෙට (28) සිට දුම්රිය ගමන් ගමන්වාර හැත්තෑවක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සංචරණ සීමා ඉවත් කිරීමත් සමග මෙම දුම්රිය ධාවන කටයුතු සිදු කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

ප්‍රධාන මාර්ගයේ අඹේපුස්ස,මිරීගම,වේයන්ගොඩ හා ගම්පහ සිට කොළඹ කොටුව දක්වා ගමන් වාර 11 ක් ද, මුහුදුබඩ මාර්ගයේ අලුත්ගම ,දකුණු කලුතර,වාද්දූව ,පානදුර ,මොරටුව හා ගල්කිස්ස සිට ගමන් වාර 12ක් ද, කැලණිවැලි මාර්ගයේ අවිස්සාවේල්ල හා පාදුක්ක සිට ගමන් වාර 5 ක් ද, පුත්තලම් මාර්ගයේ කොච්චිකඩේ හා මීගමුව සිට ගමන් වාර 8 ක් වශයෙන් උදෑසන කොළඹ කොටුව හා මරදාන වෙත ධාවනය කිරීමට කටයුතු යොදා ඇති ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා ලංකාදීපයට පැවසීය.

උදෑසන ධාවනය වන මෙම ගමන් වාර සංඛ්‍යාව සවස නැවත ධාවනය කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අත්‍යාවශ්‍ය සේවා සඳහා ගමන් ගන්නා මගී ජනතාවගේ පහසුව පිණිස ජුනි 28 වන දින සිට පලාත් අතර මහනුවර සිට කොළඹ කොටුව දක්වා ,බෙලිඅත්ත සිට මරදාන දක්වා , මහව සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ධාවනයට කටයුතු සැලසුම් කර තිබුන ද ජාතික කොවිඩ් 19 වැලැක්වීමේ කමිටුවේ අනුමැතිය ඒ සඳහා නොලැබී මත තව දුරටත් පළාත් අතර දුම්රිය ධාවනය සිදු නොවන බවත් ඔහු කියා සිටියේය.

මෙයට අමතරව සෙසු පළාත් අතරත් දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනය වන බවත් හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.

බස්නාහිර පළත තුළ දුම්රිය පහත පරිදි ධාවනය වේ.

 



අදහස් (0)

බස්නාහිර පළාත තුළ දුම්රිය ගමන්වාර 70වක් හෙට සිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 34 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 123 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site