තුසිත කුමාර ද සිල්වා
කළුතර ,කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක තුළ (24) දා උදෑසන 6.00 සිට (25) දින අලුයම 5.00 තෙක් සිදු කළ විශේෂ වැටලීමක දී හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය, නිතිවිරෝධී මත්පැන් ,ගංජා ළඟ තබා ගත් පුද්ගලයන් 343 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියක් පැවැසීය.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත සිදුකළ මෙම වැටලීම සිදුකර ඇත.
හෙරොයින් මත්කුඩු සමග පුද්ගලයන් 109ක් ද , නීතිවිරෝධී මත්පැන් සන්තකයේ තබා සිටි පුද්ගලයන් 135 දෙදෙනෙකු ද ,ගංජා ළඟ තබා ගෙන සිටි 41 දෙනකු ද, නීති විරෝධී ගෝඩා ළඟ තබාගෙන සිටි 27 දෙනකු ද, විවිධ මත්පෙති ළඟ තබාගෙන සිටි පුද්ගලයන් 31ක් ද ඇතුළුව පුද්ගලයන් 343 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරයි.
මෙවැනි විශේෂ මෙහෙයුම් දිනපතා සිදු කිරීමට නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රමුඛ වැටලීමට සහභාගි වූ සියළුම දෙනාට අපගේ ස්තුතිය ! ඒත්, මේවා කොපමණ වැටලුවත් කිසිම අඩුවක් නැහැනේ.. අනේ මන්දා...