(තිලකරත්න දිසානායක)
බස්නාහිර පළාතේ සියලුම පාසල් මෙම මස 15 වෙනි දින ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ නමුත් අ.පො.ස. (සාමාන්‍ය පෙළ ) විභාගයෙන් පසුව මාර්තු මස 15 වෙනි දින ආරම්භ කිරීමට පියවර ගත් බව ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස් .කේ .මල්ලවආරච්චි පැවසීය.
පවතින කොරෝනා රෝග තත්ත්වය සැළකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද (10) පැවති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගනු ලැබූ බව අධ්‍යක්ෂවරයා සදහන් කළේය.
COMMENTS
ඊයේ ඇරියා අද වැහුවා. කණගාටුදායක තීන්දු...!!
බැරි දේ ගැන කළින් අනාවැකි නොකියන්න...
අනේ මන්දා මෙතුමා අධ්‍යාපන ඇමති කියලා මට නම් මෙතෙක් කරපුු කිසිම ධනාත්මක දෙයක් දකින්න නැහැ... ඇත්තටම දැන් මෙයාලා ඉගෙන ගත්ත කාලේට වඩා ලෝකය වෙනස් වෙලා.. එ්ක නිසා අලුතින් සාධනීය හිතන්න පුලුවන් අය මෙවැනි තරතුරුවලට පත්කළ යුතුයි. අධ්‍යාපන ඇමති නිකං හරියට මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් වගේ, රටේ ඉදිරි අධ්‍යාපනය පිළිබඳ කිසිම වැඩ පිළිවෙලක් නැහැ, බොහොවිට පාලකයන් හිතන්නේ අධ්‍යාපනය කියන්නේ ඇඳුම ගන්න මුදල් වවුචරය හෝ පෙළපොත් දීම විතරයි කියලා, ඇත්තටම ඔබතුමා දැන් වයසයි... අලුත් නිර්මාණශීලිව හිතන්න පුලුවන් බුද්ධිමත් කෙනෙක් මෙම තනතුරට පත් කරන්න, ඔබ වැනි අය යමක් සමාජයට කළා නම් දැන් ඒ සියල්ල පසෙක තබා අසුන්වලින් විවේක ගන්න.. ලෝකයේ අධ්‍යාපනය කියන්නේ මිනිස්සුන්ගේ චින්තනය හදන එක විද්‍යාත්මක විධික්‍රමයක්... එ් සඳහා ඔබ වැන්නෙක් මෙම තනතුර දැරීමෙන් තවදුරටත් වටිනාකමක් නොමැත, මන්ද දැන් ඔබතුමාගේ බුද්ධිය සාධනීය අවධියෙන් යල්පැන ගොස් ඇත...