(චන්දන ප්‍රනාන්දු)
දැරියක් හා මිතුරුකමක් ඇති කරගෙන දින හතරක් වැනි සුළු කාලයකදී ඇය මාපිය රැකවරණයෙන් ඉවත්කර ගෙන ගොස් අපහරණය කළ 18 හැවිරිදි තරුණයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලීසිය පවසයි. මෙම දැරිය 14 වැනි වියේ පසුවන්නියකි.
සිය නිවසට බාලවයස්කාර දැරියක් රැගෙන ඒම සම්බන්ධව තරුණයාගේ මව පොලීසියට කළ පැමිණිල්ලක් අනුව තරුණයා සහ දැරිය පොලීසියට බාරදීමෙන් පසු තරුණයා අත්අඩංගුවට ගත් බවද පොලීසිය සඳහන් කළේය.
පසුගිය 16 වැනි දින දැරිය ලබා දුන් දුරකතන ඇමැතුමක් මත තරුණයා පැමිණ ඇය කැඳවාගෙන ගොස් ඇති අතර ඔවුන් දිනක් මාරවිල වෙරළේ ගත කර පසුදින උදෑසන තරුණයාගේ නිවසට ගොස් තිබේ. අනතුරුව තරුණයාගේ මව මොවුන් රැගෙන ගොස් පොලීසියට බාර දී සියළු තොරතුරු පවසා ඇත.
දැරිය වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාසයේ ප‍්‍රධාන පෙළේ බාලිකා විදුහලක 9 වසරේ ඉගෙනුම ලබන සිසුවියක් වන අතර මව විදේශගතව සිටින්නීය. දැරිය සිය මිත්තණිය සමඟ ජීවත් වි ඇති බවද පොලීසිය සඳහන් කළේය.
ඇය වෛද්‍ය පරික්ෂණයක් සඳහා හලාවත රෝහලට ඇතුළු කර ඇති බවත් තරුණයා මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවත් පොලීසිය පැවසීය.
COMMENTS
මෙවැනි දේවලට හේතුව මව්වරුන් විදේශ රැකියා වලට යාම. විදේශ රැකියාවලට මව්වරුන් ගියාම ලැබෙන විනිමයට වඩා හානියක්වෙන බව තේරුම් ගෙන විසඳුමක් සෙවීමට කාලය එළඹ ඇත.
ඇදහිය යුතු මවක්. අනිකුත් දෙමවුපියන්ටත් ආදර්ශයක්. නොකටයුත්තක් කලවිට වරද කල පුතුට දඬුවම් දී හෝ ඔහුව යහ මගට ගැනීමට උනන්දුවීම ගැන සියලු දෙනාගේ ප්‍රණාමය මෙම මවට හිමිවිය යුතුය.
අන්න එහෙම තමයි අම්මලා වැඩ කරන්න ඕන,වැරැද්දක් කරහම තමන්ගේ පුතා කියලා බලන්නේ නැතිව මෙලෙස කටයුතු කිරීම ඉතා අගේ කල යුතුය. මොන හදිස්සියක්ද මේ තරුණ වයසේ ළමයින්ට තියෙන්නේ ?
තරුණයාගේ මවගේ නුවණත්, තරුණියගේ මවගේ නුවණත් අතර වෙනස හොඳින් පෙනේ. තරුණයාගේ මවට තිබුන දුරදර්ශි බව සහ බුද්ධිමත්කම තරුණියගේ මවට තිබුනා නම්, අනාරක්ෂිතව දැරිය වයසක මිත්තනියට භාර කර පිටරට යාවිද ?
යහපත් ආදර්ශමත් මවක්