(නිකවැරටිය ප්‍රියානි මංගලිකා)
දහතුන් වියැති බාලවයස් දැරියකට අමානුෂික ලෙස පහර දුන් බවට ග්‍රාම නිලධාරිනියක් සහ දැරියගේ පියා සහ ගැබිණි සුලු මව කොටවෙහෙර. අලුත්ගම ප්‍රදේශයේදී ඊයේ (03) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව කොටවෙහෙර පොලීසිය පවසයි.
ග්‍රාම නිලධාරිනිය කොටවෙහෙර අලුත්ගම පදිංචි තැනැත්තියක් වන අතර ඇගේ සහෝදරිය සහ ඇගේ ස්වාමියාද ඔහුගේ දියණියද මෙම නිවසේ පදිංචියට පැමිණ සිටියදී මෙලෙස පහර කෑමට ලක්ව ඇති බවද, පොලීසිය සඳහන් කරයි.
මේ වන විට දැරිය වෛද්‍ය පරීක්ෂණ සඳහා නිකවැරටිය මූලික රෝහලට ඇතුලත් කර අැති බවද පොලීසිය පවසයි.
මෙදින දැරියට ගැබිණි සුලු මව සහ ඇගේ සහෝදරිය වන ග්‍රාම නිලධාරිනිය පොලු වලින් අමානුෂික ලෙස පහර දී ඇති බවත්, මීට පෙරද පියා සහ සුලුමව අවස්ථා ගණනාවකදී මෙලෙස දැරියට පහර දී ඇති බවද පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවද පොලීසිය සඳහන් කරයි.
සැකකාරියන් දෙදෙනා සහ සැකකරු හෙට (05) දින නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද පොලීසිය සඳහන් කරයි.
නිකවැරටිය කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් අනුව සහකාර පොලිස් අධිකාරී එල් අමරකෝන් මහතාගේ අධීක්ෂණයෙන්, ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කහඳවල මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීන් කණ්ඩායමක් විසින් පරීක්ෂණ සිදුකෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය ක්‍රියාත්මක වීම ඉතාමත් යහපත් දෙයක්. මින්පසුවත් වගකිවයුතු ආයතන මේ දැරිය පිළිබඳව සොයා බලන්න. දරුණු ලෙස මෙයට දැරියගෙන් පළිගන්න පුළුවන් මින් පසුව...
පින්සිද්ධ වෙයි.. ඔය අමනුස්ස ලෝකෙන් මිනිස් වෙස් අරගෙන ඇවිත් ඉන්න යක්ෂ පවුලට ඔය දැරිය නැවත බාර දෙන්න එපා. ඇය ළමා නිවසක නතර කරන්න. ඇගේ අනාගතයට ගිණුමක් ඇර එම ගිණුමේ අංකය මෙහි පලකළොත් අනිවාර්යයෙන් ඇයගේ අධ්‍යාපනය සඳහා වරින්වර යම් මුදලක් ගිණුමට බැර කිරීමට මම ලෑස්තියි. ඒවගේම අනෙකුත් කාරුණික පින්වත්තු පුළු පුළුවන් ආකාරයට යමක් කරයි. දෙකේ දෙකේ පොල්ලක් දුන්නොත් අරුන් තුන්දෙනාට නෙලන්නත් මම ලෑස්තියි...
මෙම වීඩියෝව ජනපති ලේකම්තුමාට ඇමුණුමක් ලෙස යොමු කළෙමු.
ඔය කියන පොලිසියම නේද මේ සම්බන්ධව පැමිණිල්ල ලියා ගන්නවා නම් මේ දර්ශන වීඩියෝ කළ තැනැත්තා අත්අඩංගුවට ගත යුතුයි කියලා කිව්වේ? මෙහි සම්පූර්ණ වීඩියෝව දැකපු කෙනෙක් මේ සිද්ධියේ වරදෙන් 50% පහරදුන් ගැහැණු දෙදෙනාටත්, ඉතිරි 50% පොලිසියට, එහි කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරිනිය සහ පරිවාස නිලධාරියාත් වගකිව යුතු බව පැහැදිලිවම තේරෙනවා.
ඉස්සෙල්ලාම අර ග්‍රාම නිලධාරි කියන කෙනාගේ වැඩ තහනම් කර විනය පරීක්ෂණයකින් පසු ගෙදර යැවිය යුතුය. සාක්ෂි ඕනෑතරම් ඇත. හේතුව, සාමය හා නීතියේ මූලික පුරුකක් හා නීතිය නොදන්නා අයකු නොවන නිසා.... ඉපැරණි පරිපාලන ක්‍රමවේදයේදී වුවත් ආරච්චි, දඬුකඳ, ගම්මුලාදැනී වගේ වචන වලින් වටහා ගත හැකි වන්නේ නීතියේ මූලික අංගයක් ලෙස ග්‍රාම නිලධාරින් ක්‍රියාකර ඇති බවකි. තවත් වැදගත් කරුණක් වන්නේ දෙමව්පියන්ගෙන් එක අයකු නැතිවූවිට එය ළමයාට බලපාන අන්දමයි. එම ළමයා වැරදි කරන්න ඇති... ඇය බොහෝ දුරට මවගේ ආදරය, කරුණාව සොයා යනවා වෙන්න ඇති... එය නොලැබුණු විට කෙසේ හෝ ආදරය ලබාගන්න විවිධ උපක්‍රම ඇය විසින් භාවිතා කරනවා වෙන්න පුළුවන්. කෙසේනමුදු මෙවැනි සිදුවීම් රාශියක් පිළිබඳ පහුගිය දිනවල ප්‍රවෘත්ති පළවුණා. බලධාරීන් වහාම පියවර ගතයුතු වෙනවා. මේ අපේ අනාගත පරපුරයි.
දැරිය මේ යක්ෂ දුතිකාවන්ගේ භාරයට නොයවා දරුවන් නැති කාරුණික යුවලකට භාර දෙන්න. නඩු කියමින් පරිවාස ගත කරමින් කල් මරනකොට දැරියට අවුරුදු 25 පනීවි.
වැදගත්ම දේ එක් අයෙක් ග්‍රාම නිළධාරිනියක්? මෙවැනි අය කොහොම ද ගමේ ගැටලු විසදන්නේ? පොලු අරගෙන ද? වහාම තනතුරින් ඉවත් කළ යුතුයි. මෙන්න මෙවැනි දේ නිසා තමයි රැකියා දෙන විට ආකල්ප පරික්ෂා කළයුතු වන්නේ.
මේ වගේ කුරිරු ගෑනුන්ට මොන දඩුවම දුන්නත් මදි. හරිනම් රජකාලේ තිබුනු දඩුවම් තමා ලැබෙන්න ඕනේ. දැනට බේරුනත් ලබන ආත්මේ සුදුසු දඩුවම් ලැබෙයි.
මේ රටේ සියලුම දරුවන් යම් නිලධාරීන් කණ්ඩායමක් යටතේ අදීක්ෂණය කළ යුතුයි. විශේෂයෙන්ම දෙමාපියන් නැතිව වෙනත් භාර කරුවන් යටතේ සිටින දරුවා මේ සම්බන්ධව අධීක්ෂණයට සුදුසුම අධිකරණයයි. දෙමාපියන් වෙන්වුනු දරුවන් සම්බන්ධවත් මෙය අදාල විය යුතුයි. දෙවෙනි විවාහයක් පවතීනම් දරුවන් පරිවාස අධීක්ෂණයට යටත් කරන්න දරුවාගේ ඉහළම භාරකරු ගරු අධිකරණයයි.
නැති බැරි මිනිහ අසාධාරණයට එකමුතු නොවුනොත් සුන්. වීඩියෝ දෙවියෝ පිහිට උනොත් පමණයි නීතියයත් පිහිට වෙන්නේ.
ඒ ළමයට ගහපු විදිහ දැක්කාම දුක හිතනවා. ඒ වගේම ළමයා කරපු වැරැද්දත් ටිකක් සොයලා බලන්න. ඔය ගහපු විදිහ මම අනුමත කරනවා. ගහනකොට ඒ කෙල්ල දඩබ්බර විදිහට හිටපු හැටි දැක්කද? අනේ අම්මේ මට ගහන්න එපා කියලා කිව්වේ නැහැ නේද? මට ඕනෑ දේ මම කළා ගැහැව්වාට කමක් නැහැ කියන විදිහටයි හිටියේ.