(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බෙලරෑස් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (28) මින්ස්ක් නුවර ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මෙම ගුවන් යානයේ පැමිණි ගුවන් මගීන් පිරිස අතරින් වැඩි පිරිසක් එරට උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් බව වාර්තා වේ .
මෙම ගුවන් මගීන් පිරිස අද (28) උදෑසන 10.02 ට බෙලරෑස් රාජ්‍යයේ මින්ස්ක් නුවර ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1206 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණි.
මෙම ගුවන් මගීන් පිරිස ගුවන් තොටුපළ වෙත පැමිණි පසු පී.සී.ආර්.
පරීක්ෂණ සදහා යොමු කෙරිණි.
මීට පෙර එක් වතාවක් බෙලරෑස් සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙරටට රැගෙන ආ අතර , මේ පිරිස එසේ බෙලරෑස් සිට රැගෙන එන දෙවන කණ්ඩායමයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිනේ අර ලොක්කගේ දෝනි මේ මස අග විභාගෙ අහවරයි නේ... දැන් කස්ටිය ගෙන්වා ගනියි.
විභාගෙ ඉවර ඇති එහෙනම්...