(එම්.සුසිල් ප්‍රියන්ත)

රාත්‍රී කාලයේ යතුරු පැදි දෙකකින්  පැමිණ බලපිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක අජිත් අසේල මහතාට (එ.ජා.ප)  මරණීය තර්ජනය එල්ල  කළා යයි කියන සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට අද (19 ) පරීක්ෂණ ආරම්භ කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.
 
බලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එන්.සමන් ද සිල්වා මහතා ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සමග විපක්ෂ නායක අජිත් අසේල මහතා කරන ලද පැමිණිල්ලකට අනුව මේ පරීක්ෂණ ආරම්භ කළ බවද පොලීසිය කියයි.
 
අජිත් අසේල මහතා විසින් බලපිටිය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කල  යෝජනාවක්  ඉවත් නොකරගතහොත් ඔහුගේ ජීවිතයට හානියක් සිදු කරනවා යයි රාත්‍රියේ තමාගේ නිවසට යතුරු පැදි දෙකකින් පැමිණි නාදුනන පුද්ගලයින් තිදෙනෙකු තර්ජනය කොට පලා ගිය බවට විපක්ෂ නායක අජිත් අසේල මහතා පොලීසියට පැමිණිළි කර ඇත.
 
බලපිටිය ප්‍රාදේශීය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මිය ගිය පසු ඔවුන්ගේ ආදාහන කටයුතු එම  ප්‍රාදේශීය සභාවේ ආදාහනාගාරවලින් නොමිලයේ ඉටුකළ යුතු යයි යන්න කර ඇති යෝජනාව ඉල්ලා අසකර ගන්නා ලෙස ඉල්ලමින් නාදුනන යතුරු පැදිකරුවන් තමන්ට මෙසේ මරණීය තරජන එල්ල කළ බව අජිත් අසේල මහතා සිය පැමිණිල්ලේ වැඩි දුරටත් සදහන් කර තිබේ.