(ආරියදාස කොඩිතුවක්කු)
බිලිඳියගේ ගෙල කපා ඝාතනය කිරමෛ් සිද්ධියකට අදාළව වරදකරු වූ විත්තිකරුවකුට තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද මහතා අද (30) මරණ දඬුවම නියම කළේය.
මෙලෙස මරණ දඬුවම නියම වුයේ මිද්දෙණිය, හෙල්ලල පදිංචි 26 හැවිරිදි පුද්ගලයකුටය.
බිරිඳ සමඟ පැවති ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මීට වසර පහකට පෙර සැකකාර පියා සිය බිලිඳියගේ ගෙල කපා ඝාතනය කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව පැවති නඩු විභාගය අවසානයේ සැකකරු අදාළ චෝදනාවන්ට වැරදිකරු බවට පත්ව ඇත. ඒ අනුව තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද මහතා සැකකරුට මරණ දඬුවම නියම කෙරිණි.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ අග්බෝ පණ්ඩිතරත්න මහතා පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd