(ඉන්දිකා රාමනායක)
උපන් හැටියේ බිලිඳියක් ඝාතනය කර පුළුස්සා දැමූ බව කියන තිදරු මවක් කන්තලේ ප්‍රදේශයේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම සැකකාරිය ඊයේ (12) පස්වරුවේ නිවස තුළ මෙම දැරිය ප්‍රසූත කර ඇති අතර පසුව දැරිය ඝාතනය කර වත්තට රැගෙන ගොස් පුළුස්සා දමා ඇති බව අනාවරණය වී ඇතැයි ද පොලිසිය.
මේ සම්බන්ධයෙන් පොලීසියට ලැබුණු තොරතුරකට අනුව කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ වන විටත් බිළිඳියගේ සිරුර පිළිස්සී තිබූ බවද පොලිසිය සඳහන් කරයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්තලේ ප්‍රදේශයේ (35) හැවිරිදි තිදරු මවකි .
ඇගේ සැමියා වසර 4ක කාලයක සිට මැදපෙරදිග රටක සේවය කරන බවද පොලිසිය.
මාතලේ මූලස්ථාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd