
(ප්‍රින්ස් රත්නායක)
රෝහලේ සේවකයෙකු හෙද නිලධාරිනියකට පහරදීමේ සිද්ධියක් මුල් කරමින් බලන්ගොඩ මූලික රෝහලේ හෙද කාර්‍ය මණ්ඩලය 16වැනිදා සේවයෙන් ඉවත්වූ අතර අද(17) ත් එම තීරණය වෙනස්කර නොමැති බව හෙද නිලධාරි සංගමයේ සභාපති සුසන්ත කරුනාතිලක මහතා පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් අද පෙරවරුවේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ද මැදහත් වූ අතර සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සහ සෞඛ්‍ය සෙවා අධ්‍යක්ෂකවරයා වෙත වාර්තා කර ඇත.
විධිමත් පරීක්ෂණයක් පැවැත්වෙන තෙක් සෞඛ්‍ය සහායකගේ වැඩ තහනම් කරන ලෙසඉල්ලා ඇති නමුත්, සිදු කර ඇත්‍තේ ඔහු ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලය වෙත මාරු කිරීම බවත් පරීක්ෂණ සිදු කරනු ලබන්නේ එම කාර්යාලය මගින් බැවින් පරීක්ෂණ කිරීමේදී පැමිණිලි පාර්ශ්වය ට අසාධාරණයක් විය හැකි බැවින් එම තීරණයට විරෝධය පා තවදුරටත් සේවයෙන් ඉවත්ව සිටින බවත් හෙද සංගමයේ සභාපතිවරයා සඳහන්කළේය.
2025 දෙසැම්බර් මස 18
96
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
144
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බලන්ගොඩ රෝහලේ හෙද වර්ජනය අඛණ්ඩව