IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බාලදක්ෂ කවුන්සිලයේ සාමාජිකයින්ගෙන් පෙත්සමක්

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

ශ්‍රී ලංකා බාලදක්ෂ කවුන්සිලයේ නිර්දේශයකින් තොරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නීතීඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා ප්‍රධන බාලදක්ෂ කොමසාරිස් වශයෙන් පත් කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් , ඒ මහතා එම ධූරයේ කටයුතු කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බාලදක්ෂ කවුන්සිලයේ සාමාජිකයින් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධීකරණ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

ශ්‍රී ලංකා බාලදක්ෂ කවුන්සිලයේ උපසභාපති හා යාවජීව සාමාජික පුස්වැල්ලගේ මයිකල් ඩේමියන් සිල්වා , එම කවුන්සිලයේ කමිටු සාමාජිකයින් වන ජිමී මාරඹේ , සරත් ගොඩකන්දආරච්චි , සුමනදාස ජයසිංහ ඇතුළ 11 දෙනෙකු ගොනු කර සිටිති.

මෙහි වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා බාලදක්ෂ කවුන්සිලයේ ලේකම් කමලනාත් ජිනදාස , නියෝජ්‍ය බාලදක්ෂ කොමසාරිස් නීතීඥ ජනප්‍රිත් ප්‍රනාන්දු , ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර යන මහත්වරු සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

පෙත්සමේ මෙසේද සදහන් වේ.

පෙත්සම්කරුවෝ සියලු දෙනා බාලදක්ෂ කවුන්සිලයේ සාමාජිකයින් වෙති.ඔහු බාලදක්ෂ ව්‍යාපාරයට දීර්ඝ කාලීනව විශාල සේවයක් සිදු කරනු ලැබ ඇත.

ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් දූරය සදහා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන චන්ද්‍රා වාකිෂ්ඨ මහතා පත් කිරීමට බාලදක්ෂ කමිටුවේ සාමාජිකයින් ජනාධිපතිවරයාට නිර්දේශයක් ලබා දී ඇත.

බාලදක්ෂ ව්‍යාපාරයේ ව්‍යවස්ථාව අනුව ප්‍රධාන බාලදක්ෂ සහ බාලදක්ෂ ව්‍යාපාරයේ අනුශාසකයා වන්නේ ජනාධිපතිවරයාය.බාලදක්ෂ ව්‍යාපාරයේ රීති 4 අනුව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයා පත් කිරීමේදී ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම බාලදක්ෂ කවුන්සිලයේ අනුමැතිය ලබා ගත යුතු වේ.

තත්ත්වය මෙසේ තිබියදී සැප්තැම්බර් 03 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් නියෝජ්‍ය බාලදක්ෂ කොමසාරිස්වරයෙකු වන නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා පත් කරනු ලැබ ඇත.

මෙම පත්කිරීම සම්බන්ධයෙන් බාලදක්ෂ කවුන්සිලය කිසිදු ආකාරයක අනුමැතියක් ලබා දී නොමැත.ඒ අනුව ජනාධිපතිවරයාගේ තීරණය නීතියට පටහැනි වේ.

මෙම ක්‍රියාවෙන් ජනාධිපතිවරයා සිය බලය ඉක්මවා කටයුතු කර ඇත.තවද 335/2018 දරණ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේ තීන්දුව අනුව ජනාධිපතිවරයා ප්‍රධාන බාලදක්ෂවරයා සහ අනුශාසකවරයා වශයෙන් කටයුතු කළ යුත්තේ හුදෙක්ම නාමික තත්ත්වයෙන් පමණකි.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් සියලුම පත් වීම් සිදුකළ යුත්තේ ශ්‍රී ලංකා බාලදක්ෂ කවුන්සිලයේ අනුමැතියට යටත්වය.

ජනාධිපතිවරයා විසින් ඉහත පත් කිරීම සිදු කර ඇත්තේ බාලදක්ෂ කවුන්සිලයේ පිළිගත් රීතීන් වලට හා පටිපාටියන්ට පටහැනිවය.

බාලදක්ෂ ව්‍යාපාරය ළමා සහ තරුණයින් නියෝජනය කරන ලෝක මට්ටමේ ව්‍යාපාරයකි.එය ස්වාධීන සහ නිර්දේශපාලනික  ව්‍යාපාරයක්ද වේ.

එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් කරන තුරු නීතීඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ධූරයේ කටයුතු කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද , විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ට මහතා ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයා ලෙස පත් කිරීමට නියෝග කරන ලෙසද , නීතිඥ ජනප්‍රියජිත් ප්‍රනාන්දු මහතා අදාළ ධූරයේ කටයුතු කිරීම බලශූන්‍ය කරන නියෝගයක් නිකුත් කරන ලෙසද , ජනාධිපතිවරයා කළ පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.1 වගන්තිය උල්ලංඝනය කිරීමක් බව ප්‍රකාශ කරන ලෙසද , අදාළ පත්වීම් ලිපි අධිකරණයට හමුවට ඉදිරිපත් කරන්නැයි ජනාධිපති ලේකම්වරයාට නියෝග කරන ලෙසද , රුපියල් කෝටියක වන්දි ලබා දෙන ලෙසද පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.



අදහස් (3)

බාලදක්ෂ කවුන්සිලයේ සාමාජිකයින්ගෙන් පෙත්සමක්

කිරි පුතා Thursday, 16 September 2021 04:25 PM

බාල දක්ෂ කෞන්සිලය දන්නෙ නැද්ද විධායක ජනාධිපති ඉන්නෙ තමන්ට ඉහළින් වග.

:       4       3

Dayan Thursday, 16 September 2021 04:36 PM

නැහැ. දැන් ජනාධිපතිට ඕනෑම දෙයක් කරන්න පුළුවන්.

:       1       4

somapala Thursday, 16 September 2021 06:14 PM

ඕකට හොඳටම සුදුසුකම් තියෙන්නෙ ලොහාන් රත්වත්තටයි, දුමින්ද සිල්වාටයි තමයි..සර්ට කිව්වොත් සලකලා බලයි..බේඩන් පවල් සාමිතුමා ආවත් සර් කිව්වොත් ඉතින් වෙනස් කරන්න බැ...සර් එක්ක.සෙල්ලම් බෑ..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31162 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13307 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 57 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 891 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site