IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


’’බාර්’’ හතරක සීල් කඩලා

(සුජිත් හේවාජුලිගේ)

මත්පැන් අලෙවිසල් හතරක මුද්‍රා ගලවා ඇතැයි ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇතැයි සුරාබදු කොමසාරිස් (නීති) කපිල කුමාරසිංහ මහතා පවසයි.

මෙම මත්පැන් අලෙවිසල් දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ පවත්වාගෙන යන ඒවාය.

මේ පරීක්ෂණවලදී එම බලපත්‍රලාභීන් වරදක් කර ඇතැයි තහවුරු වුවහොත් ඔවුන්ට එරෙහිව කාර්මික අපරාධ චෝදනා යටතේ ක්‍රියාමාර්ග ගන්නා බව සුරාබදු කොමසාරිස්වරයා සඳහන් කරයි.

කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීම සඳහා රටපුරා සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමත් සමග මත්පැන් අලෙවිසල් ඉකුත් මැයි මස 13 වැනිදා සිට වසා දැමිණ. වසා දැමුණු එම මත්පැන් අලෙවිසල් සියල්ල විවිධ පැමිණිලි හේතුවෙන් මුද්‍රා තැබීමට සුරාබදු ප්‍රධානීහු පසුව කටයුතු කළහ.

විවිධ පාර්ශ්වවලින් එල්ල කෙරෙන බලපෑම් හේතුවෙන් තම මත්පැන් අලෙවිසල්වලට මුද්‍රා තබන්නැයි ඇතැම් මත්පැන් අලෙවිසල් හිමිකරුවන්ද දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කර තිබූ බවත් මුද්‍රා තැබීමේ තීරණය ගැනීමට එම ඉල්ලීම්ද සැළකිල්ලට ගත් බවත් සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

 



අදහස් (0)

’’බාර්’’ හතරක සීල් කඩලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 145 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 764 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site