
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහිව 2014 වසරේ දී පවතින නඩු කටයුත්තකට අදාළව බොරු සාක්කි ලබා දීම සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.
මෙම සිද්ධියට සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ද අත්අඩංගුවට ගෙන ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව පවතින නඩු කටයුත්තක ගිනි අවි සම්බන්ධයෙන් බොරු සාක්කි ලබාදීමට උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැණිනි.
සැකකරු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
ජරාජීර්න වූ වාස් හිරයට පාස් වුණාද..? බොරු සාක්කි දුන්නා නම් ඇතුළට යයිද..? නීතිය නවන හැම කෙනාම පරයින් නොවේද?
වාස් කියන්නේ කවුද කියලා නැදිමාල ගම දන්නවා. මිනීමරුවෝ දැන් ආණ්ඩුවේ පිහිටෙන් ආයිත් එළියට එන්න හදන්නේ.