බ්‍රසීලයේ සාවෝ පාවුලෝ හී පාසලක සිදු වී වෙඩි තැබීමකින් අටදෙනකු මියගොස් 20කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.
සාවෝ පාවුලෝ ආසන්නයේ තිබෙන පාසලක් තුළට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු මෙම වෙඩි තැබීම කළ බව බ්‍රසීල බලධාරීහු කීහ. වෙඩි තැබීම කළ පුද්ගලයන් දෙදෙනා ඇතුළුව අට දෙනකු මියගිය බවත් තුවාල පුද්ගලයන් දෙදෙනකු ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බවත් බ්‍රසීලයේ පොලිස් ප්‍රකාශකයා කීය.
වෙඩි තැබීම කළ පුද්ගලයන් දෙදෙනා පොලිසියට පැමිණීමට පෙර සියදිවි නසාගෙන ඇති බව ද එරට පොලිසිය සඳහන් කළේය.
දකුණු දිග බ්‍රසීලයේ සාවෝ පාවුලෝහිටි රාවුල් බ්‍රසීල් පාසලේදී මෙම වෙඩි තැබීම සිදුවිණි. මියගිය පිරිස අතර පාසල් සිසුන් සිවුදෙනකු සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනකු සිටින බව සාවෝ පාවුලෝ ආණ්ඩුකාර ජෝඕ ඩෝරියා පැවැසීය.
තුවක්කුකරුවන් කවුරුන්දැයි මෙතෙක් හඳුනාගෙන නොමැති අතර මෙම වෙඩි තැබීම තමන් දුටු කනගාටුදායකම සිදුවීම යැයි ද ආණ්ඩුකාරවරයා කීය.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055
2025 දෙසැම්බර් මස 04
158
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
367
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බ්‍රසීලයේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් 8ක් මරුට