( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
වෙඩි තබා ගෝනකු මරා සුඛෝපභෝගී රියකින් රැගෙන යමින් සිටියදී අද (09) බදුරලියේදී අත්අඩංගුවට ගත් බේරුවල පත්තේකඩේ මැණික් ව්‍යාපාරිකයාගේ දෙමහල් නිවසේ තිබී ප්‍රභූ ආරක්ෂක ගිනි අවි තුනක් ඇතුළු උණ්ඩ තොගයක් සොයාගත් බව පොලීසිය පවසයි.
ගිනි අවි 13 ක් උණ්ඩ 1500 ක ප්‍රමාණයක් මෙහිදී අත්අඩංගුවට ගත් බව මතුගම කොට්ඨාස නීතීය බල ගැන්වීමේ ඒකකය කියයි.
මේ අතර ගිනි අවි කොටස් රැසක් , දුනු විදින තුවක්කුවක් , ඉලක්කයට වෙඩි තැබීමේ උපකරණ, මන්නා පිහි 3 ක් , හොරොයින් මත් කුඩු සහ ලේසර් යන්ත්‍රයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් මැණික් ව්‍යාපාරිකයා සමඟ තවත් පුද්ගලයකුද අත්අඩංගුවට ගෙන තිබේ.




2025 ඔක්තෝබර් මස 08
1438
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1304
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
470
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බේරුවල මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසින් ප්‍රභූ ආරක්ෂක අවි - උණ්ඩ තොගයක් අත්අඩංගුවට
chamath Sunday, 09 December 2018 09:07 AM
මෙයාලට උපරිම දඬුවම් දෙන්න
sachith Sunday, 09 December 2018 09:30 AM
මේ අහුවෙච්ච එක්කෙනෙක්, මේ වගේ අය තව කොච්චර ඇත්ද? ගිනි අවි 13 ක් උණ්ඩ 1500ක් කියන්නේ මේවගේ දහදෙනෙක් හිටියා නම් ඇති කොළඹ වගේ නගරයක ලොකු විනාශයක් කරන්න. බුද්ධි අංශ මේවා නොදැන ඉන්න විදිහක් නෑ. අනිවාර්යෙන්ම ලොකු දේශපාලන හයියකින් තමයි ඉන්න ඇත්තේ...
nihalSunday, 09 December 2018 11:28 AM
දක්ෂ බුද්ධි අංශ නිලධාරීන් හිරේ ඉන්නකොට මේවා මෙහෙම වෙනඑක අහන්න දෙයක්ද?
mahinda Sunday, 09 December 2018 09:47 AM
අත්අඩංගුවට ගත්ත මිලියන 2777 කුඩු කාගේද, මේවත් කියන්න...
sili bili Sunday, 09 December 2018 09:55 AM
මේ පුද්ගලයා විකුණලා තියෙන්නේ මැණික් කියලද හිතන්නේ?
RaveendraSunday, 09 December 2018 11:32 AM
sili bili මයා වෙතට, ඔබ පැවසු පරිදි මේ නිවටයා මැණික් වෙළෙන්දෙක් නොවන බව පැහැදිලි වෙනවා.
ලුම්බිණි Sunday, 09 December 2018 10:47 AM
මේ වගේ අයට කිසිම නිදහසක් නොදිය යුතුයි. මේ ගොල්ලන් හිතාගෙන ඉන්නේ නීතිය තිබෙන්නේ ඒ ගොල්ලන්ගේ අතේ කියලයි.
රවින් Sunday, 09 December 2018 12:48 PM
ආයුධ ගබඩාවක් නේද තිබිලා තියෙන්නේ? ප්‍රභූ ආරක්ෂක ආයුධ? අඩුම ගානේ පොලිස් ස්ථානයක්ද? මොහුගේ තව නිවෙස් තියනවාද? ඒවායේ ආයුධ? මෙහෙම තව කොපමණ මේ රටේ ආයුධ ඇතිද? මේ රටේ අපරාධ වැඩිවෙන එක අහන්න දෙයක්ද? ඇප දෙන්න බැහැ නේද?
Karma Sunday, 09 December 2018 01:41 PM
හොඳට හොයලා බලන්න.. නැවත කලබලයක් ආවොත් සිංහල මිනිසුන්ට විරුද්ධව පාවිච්චි කරන්නට රැස් කර ගත්ත ආයුධද දන්නේ නෑ...
DbMonday, 10 December 2018 06:32 AM
ගැරඬියෝ මරන්න භූමිතෙල් ඇති...
Hafeel Sunday, 09 December 2018 02:21 PM
ප්‍රභූ ආරක්ෂක ගිනි අවි කොහොමද මෙතනට ආවේ? ආපු එක ගැන පරීක්ෂණ කළයුතුයි.
upali Sunday, 09 December 2018 03:03 PM
ඉතිරි හංගපු ආයුධ පෙන්නලා අරන් යන්න.
athula Sunday, 09 December 2018 07:53 PM
කොහොමද රටේ තත්වය ? තියෙන තැන ? අහිංසක මිනිසුන්ට දෙයියන්ගේම පිහිටයි