(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් යතුරු පැදියකින් යමින් සිටියදී බම්බලපිටිය ප්‍රදේශයේ දී බොරැල්ල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාව ඩිෆෙන්ඩර් රථයේ හප්පා බරපතල තුවාල සිදුකර පලාගිය පොලිස් අධිකාරීවරයෙකුගේ පුතෙකු බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය පවසයි.
එම පොලිස් අධිකාරීවරයා ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්ත සේවය කරන නිලධාරියෙකු බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ පොලිසියේ ස්ථානාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පැවැසීය.
මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ බම්බලපිටිය පොලිසිය අනතුර සිදු වූ අවට සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කිරීමේදී යතුරු පැදිය හා ඩිෆෙන්ඩර් රථය එකිනෙකට ගැටීමෙන් පසු එහි රියදුරු ලෙස සිටි පොලිස් අධිකාරීවරයාගේ පුත්‍රයා ඩිෆෙන්ඩර් රථයෙන් බැස බරපතල තුවාල ලබා සිටි පොලිස් ස්ථානාධිපතිවරයාගේ අසලට ගොස් පරීක්ෂා කර නැවත ඩිෆෙන්ඩර් රථයට නැග පිටව යන අයුරු සී.සී.ටී.වී දර්ශන වල සටහන්ව තිබූ බව පොලිසිය කියයි.
බරපතල තුවාල ලබා සිටි පොලිස් පරීක්ෂකවරයා ශල්‍යකර්මයකට ලක් කළ බව කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාත්තා නීතිගරුක නිලධාරියෙක් හැටියට පුතාව පොලිසියට භාර දුන්නා නම් තාත්තගේ වටිනාකම කියලා වැඩක් නැත. දැන් මොහුගේ නිලයට මොහු වටින්නේ නැතිබව රටට පෙන්වා හමාරයි. පුතා බීලා හිටියාද කියන එකත් ප්‍රශ්නයක්... කොහොම වුනත් ගොඩින් වැඩේ ශේප් වේවි දෙන්නාම පොලිස්සියෙනේ. මේක සිරි ලංකාවනේ...
IP වර්සස් SP... එන සතිය හරිම විනෝදජනක වෙයි වගේ
මෙම සංවේගී සිද්දිය පුතා පියාගෙන් වසන්කලා වෙන්නත් පුළුවන් ....
ආරංචියේ හැටියට නම් වාහනයේ රියදුරා හිටපු ඇමති පුතෙක්ලු. මෑන්ස් වෙනුවට රියදුරු හැටියට වෙනින් කෙනෙක් ඉදිරිපත්වෙලාලු. වහනෙත් හිටපු පාළුවාගේලු. බලමු ඇත්ත කෝකද කියලා?
ආරංචි විදියට නම් මේක පදවල තියෙන්නේ අලුත්ම අලුත් ගමක් තියෙන ඇමති කෙනෙක්ගේ පුතෙක් . අද රාත්‍රියේ සි සි ටි වී දර්ශන පෙන්වන තුරු, බලා ඉන්නවා.............