IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


බොරැල්ල රථ වාහන අංශයේ ඕඅයිසී හැප්පූ පුද්ගලයා අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පොලිස් යතුරු පැදියකින් යමින් සිටියදී  බම්බලපිටිය ප්‍රදේශයේ දී බොරැල්ල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාව ඩිෆෙන්ඩර් රථයේ හප්පා බරපතල තුවාල සිදුකර පලාගිය පොලිස් අධිකාරීවරයෙකුගේ පුතෙකු බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය පවසයි.

එම පොලිස් අධිකාරීවරයා ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්ත සේවය කරන නිලධාරියෙකු බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ පොලිසියේ ස්ථානාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පැවැසීය.

මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ බම්බලපිටිය පොලිසිය අනතුර සිදු වූ අවට සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කිරීමේදී  යතුරු පැදිය හා ඩිෆෙන්ඩර් රථය එකිනෙකට ගැටීමෙන් පසු එහි රියදුරු ලෙස සිටි පොලිස් අධිකාරීවරයාගේ පුත්‍රයා ඩිෆෙන්ඩර් රථයෙන් බැස බරපතල තුවාල ලබා සිටි පොලිස් ස්ථානාධිපතිවරයාගේ අසලට ගොස් පරීක්ෂා කර නැවත ඩිෆෙන්ඩර් රථයට නැග පිටව යන අයුරු සී.සී.ටී.වී දර්ශන වල සටහන්ව තිබූ බව පොලිසිය කියයි.

බරපතල තුවාල ලබා සිටි පොලිස් පරීක්ෂකවරයා ශල්‍යකර්මයකට ලක් කළ බව කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු පැවැසීය.



අදහස් (7)

බොරැල්ල රථ වාහන අංශයේ ඕඅයිසී හැප්පූ පුද්ගලයා අත්අඩංගුවට

Bamunuarachchi Sunday, 24 February 2019 03:57 PM

තාත්තා නීතිගරුක නිලධාරියෙක් හැටියට පුතාව පොලිසියට භාර දුන්නා නම් තාත්තගේ වටිනාකම කියලා වැඩක් නැත. දැන් මොහුගේ නිලයට මොහු වටින්නේ නැතිබව රටට පෙන්වා හමාරයි. පුතා බීලා හිටියාද කියන එකත් ප්‍රශ්නයක්... කොහොම වුනත් ගොඩින් වැඩේ ශේප් වේවි දෙන්නාම පොලිස්සියෙනේ. මේක සිරි ලංකාවනේ...

:       0       150

ඩී. ජයදේව Sunday, 24 February 2019 05:23 PM

IP වර්සස් SP... එන සතිය හරිම විනෝදජනක වෙයි වගේ

:       78       63

sarath perth Monday, 25 February 2019 02:03 AM

මෙම සංවේගී සිද්දිය පුතා පියාගෙන් වසන්කලා වෙන්නත් පුළුවන් ....

:       0       18

BamunuarachchiMonday, 25 February 2019 05:42 AM

තාත්තා බුද්දිමත් පොලිස් නිලදාරියෙක් නම් පුතාගේ හැසිරීම් රටාවෙන් දන ගන්න ඕනේ. පුතා ගේ වෙනස් වීමක් පෙනෙනවා වාහනේ එලියට ගන්නේ නැහැ ප්‍රවෘති තිබෙනවා වාහනයක් පොලිස් නිලදාරියෙක් යටකරගෙන ගොස් තිබෙන බවට. ඕක ටිකක් සසඳලා බලන්න රොකට් ව්ද්‍යාඥයෙක් උවමනා නැත. දක්ෂ නිලධාරීන් ගාවට වැරදි කරුවන් පැමිණ කියන්නේ නැහැ මම වැරදි කෙරුවා කියාලා.

:       2       10

රවින් Monday, 25 February 2019 02:46 AM

ආරංචියේ හැටියට නම් වාහනයේ රියදුරා හිටපු ඇමති පුතෙක්ලු. මෑන්ස් වෙනුවට රියදුරු හැටියට වෙනින් කෙනෙක් ඉදිරිපත්වෙලාලු. වහනෙත් හිටපු පාළුවාගේලු. බලමු ඇත්ත කෝකද කියලා?

:       0       20

diasMonday, 25 February 2019 11:43 AM

ඕක දැන් ඇමතිලා, පුතාලා කරන දෙයක්. රිය අනතුරකට පස්සේ හිමීට වෙන කෙනෙක් වාහනය එල්ලෙව්වා කියා තමන්ගේ ඇග බේරා ගන්නවා.

:       0       0

mohan Monday, 25 February 2019 05:25 AM

ආරංචි විදියට නම් මේක පදවල තියෙන්නේ අලුත්ම අලුත් ගමක් තියෙන ඇමති කෙනෙක්ගේ පුතෙක් . අද රාත්‍රියේ සි සි ටි වී දර්ශන පෙන්වන තුරු, බලා ඉන්නවා.............

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31342 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13564 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 965 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site