IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


බොරැල්ල රථවාහන ස්ථානාධිපතිගේ අවසන් කටයුතු හෙට

(නිමල කොඩිතුවක්කු)

 

හදිසි අනතුරකින් මියගිය පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ පොලිස් ගෞරව සහිතව හෙට (11) සවස 4.00ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු පිරිසක් ඊට  සහභාගී වීමට නියමිත බව රථ වාහන කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසිය.

පොලිස් මූලස්ථානයේ අද(10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අජිත් රෝහණ මහතා මේ බව පැවැසිය.

පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතාගේ ධූරය උසස් කිරිම සම්බනධයෙන්ද පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සමඟ සාකචඡා කරන බවත් ඔහු එහිදි පැවැසීය.

දරුවන් තිදෙනෙකුගේ පියකු වන  ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතා 1989 වසරේදී උප පොලිස් පරීකෂකවරයකු ලෙස සේවයට එක්ව ඇති අතර ඔහු 2018 වසරේ නොවැම්බර් 10 වනදා සිට බොරැල්ල පොලිස් ස්ථානයේ රථවාහන ස්ථානාධිපති ලෙස කටයුතු කළේය.

බම්බලපිටිය ප‍්‍රදේශයේ දී පසුගිය 24 වැනිදා සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා සෙනසුරාදා (9) අභාවප‍්‍රාප්ත විය.

 

 

 

 

 

 

 

 



අදහස් (10)

බොරැල්ල රථවාහන ස්ථානාධිපතිගේ අවසන් කටයුතු හෙට

Deepal Sunday, 10 March 2019 12:00 PM

ස්ථානාධිපතිතුමාට මෙහෙම අපරාධයක් කළා නම් අනිත් අයට වෙනදේත් හිතාගන්න පුළුවන්. තවත් කඩේ යන්න තියෙන්නේ දේශපාලකයන්ට. අවස්ථාවාදී අයට ඉස්සෙල්ලාම දඬුවම් දෙන්න ඕනේ.

:       0       404

Raveendra Sunday, 10 March 2019 02:26 PM

මේ සාපරාධි ක්‍රියාවට යන්තමින් හෝ සම්බන්ධ වුනු අය මෙලොවදීම මේ කරගත්තවු පාප කර්මයට වන්දි ගෙවනවා ගෙවනවාමය.

:       0       216

විජිත් Sunday, 10 March 2019 05:32 PM

මිනිසුන්ගේ ලේ උරාබොන හිඟන දරුවන් රැලක් විසින් ඝාතනයට ලක්කළ පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහත්මයාණෙනි, ඔබට නිවන් සුව අත්වේවා... නිවන් දකින්නට කලින් එකම එක වතාවක් නැවතත් ශ්‍රී ලංකාවේම ඉපදී , ශ්‍රී ලංකාවේ පොලිසියේ සේවයකොට ... මේ රට විනාශකරමින් සිටිනා මේ " දියවන්නාවේ රැල හෙවත් මිනිසුන්ගේ ලේ බොන හිඟන්නන් රැල" නැත්තටම නැතිකොට විනාශ කිරීමට ඔබගේ දායකත්වය ලබාදෙන්න..මහත්මයාණෙනි - ඔබට නිවන් සුව.

:       0       590

WasudewaMonday, 11 March 2019 06:19 AM

මේ ඩිෆෙන්ඩරයේ ආපු සියලු දෙනාම ජීවිතාන්තය දක්වා සිරගෙට යැවිය යුතුයි. ඒ තරම් සාහසික අපරාධයක් මේක...

:       0       109

Kumar (Gulf) Sunday, 10 March 2019 07:02 PM

නීතියක් නැති පවුකාර රටක් මේක.

:       0       312

KANDEPOLA Monday, 11 March 2019 03:01 AM

1989 උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙසයි සේවයට බැඳිලා තියෙන්නේ. රථවාහන ස්තානාධිපතිවරයෙකු ලෙස සේවය කරා නම් මේ වනවිට පොලිස් පරීක්ෂක තනතුරේ ඉන්න ඇති. අවුරුදු 30 ටම එක උසස්වීමක් වගේ තමයි ලැබිලා තියෙන්නේ.

:       0       4

sarath Monday, 11 March 2019 03:49 AM

පාර්ලිමේන්තුවේ ඉන්න තක්කඩි ටික උන්ගේ බලය රටේ නීතියටත් උඩින් වැඩි කරගෙන, නීතිය රකින රජයේ සේවකයන් උන්ගේ අතකොලු කරගෙන තියෙන ව්‍යවස්ථා කරුණු ඔස්ට්‍රේලියාව වැනි රටවල් වල පොලිසියට, පාර්ලමේන්තු වට තියෙන බලතල වගේ වෙනස් කලයුතුයි.ප්‍රාදේශීය මන්ත්රිටත් සැලුට් කරන OIC ල ඉන්න රටක ,ව්‍යවස්තාවෙනම මන්ත්රිලට එවැනි බලයක් දීල තියෙන රටක , පොලිසියට කරන්න පුළුවන් ලබ්බක් නැහැ

:       0       43

Athula Monday, 11 March 2019 06:09 AM

කියන්න දෙයක් නැහැ. අද රටේ සියලු දේ අහිමි ජනතාවක් ඉන්න රටක්. තක්කඩින්ට ගිය රටක්...

:       0       3

nishan Monday, 11 March 2019 06:28 AM

පොලිසියේ කෙනෙක්ට මෙහෙම නම් සාමාන්‍ය මිනිස්සුන්ට කුමන කතාද? තමන්ගේ ඩිපාර්ට්මන්ට් එකේ මනුස්සයෙක් සාමාන්‍ය ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තු යන අයගේ දරුවෝ සත්තු වගේ හප්පලා යනවා. ඒ අයට අැප දෙනවා පැය 2ක් ඇතුළත... ඇත්තටම දේශපාලකයන්ට කඩේ යන එක නේද කරන්නේ? උතුම් රකියාවේදී ඔලුව නමන්න එපා මහත්තයෝ... සල්ලිවලට, බලපුළුවන් ක‍ාරකමට.. ඔලුව නමපන් හිත හොඳ මනුස්සයන්ට..

:       0       3

padmini Monday, 11 March 2019 08:21 AM

දැන් ඉතින් බාප්පොච්චි මළගෙදර ගිහින්, වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ... කියලා හිටන් කවි කියයි. නීතියේ දෙවඟනගෙන් තමයි අහන්න ඕනෑ. වසාගෙන දෙඇස පටකින් කිම්ද නගෝ කියලා...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 276 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 408 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site