IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


බොරැල්ල දේවස්ථාන බෝම්බයට විශ්‍රාමික වෛද්‍යවරයකු අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ සියලු සියළු ශාන්තුවරයින්ගේ දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්‍රාමික වෛද්‍යවරයකු පිළියන්දල දී අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය කියයි

එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මීට දින තුනකට පමණ ඉහතදී ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ලියනගේ දයාසේන නැමැති 65 හැවිරිදි සැකකරුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ තොරතුරු අනුව බව පොලීසිය කියයි

පිලියන්දල දිසා රෝහලේ වෛද්‍යවරයකු ලෙස සේවය කර තිබූ එම සැකකරු ඒ ආසන්නයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් තිබූ අතර එවකට එහි ආරක්ෂක නිලධාරියා ලෙස පනාමුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු ක්‍රියා කර තිබූ බවත් විමර්ශනවල දී හෙළි වූ බව උසස් පොලිස් නිලධාරීන් පැවසීය

එම සැකකරුට මුදල් මෙන්ම බෝම්බය ලබාදී ඇත්තේ මෙම විශ්‍රාමික වෛද්‍යවරයා විසින් බවද මේ වන විට තොරතුරු හෙලි වෙමින් පවතින බවත් එයට හේතුව අද 18 රාත්‍රී වනතුරුත් නිශ්චිත ලෙස අනාවරණය නොවූ බවත් උසස් පොලිස් නිලධාරියා කීය

නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට මීට මාස කීපයකට ඉහතදී බෝම්බය තැබීමටද කටයුතු කර ඇත්තේ මෙම විශ්‍රාමික වෛද්‍යවරයා විසින් බවට ද බවට ද තොරතුරු අනාවරණ නමුත් එය තහවුරු කරගැනීම සඳහා වෛද්‍යවරයාගේ දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිත බවත් උසස් පොලිස් නිලධාරියා පැවසීය

 



අදහස් (9)

බොරැල්ල දේවස්ථාන බෝම්බයට විශ්‍රාමික වෛද්‍යවරයකු අල්ලයි

Perera Wednesday, 19 January 2022 12:00 AM

ආණ්ඩුව කියන කිසිම දෙයක් විශ්වාස කරන්න බැහැ.

:       2       11

Simon Wednesday, 19 January 2022 07:59 AM

හේතුව අනාවරණය වෙන්නේ නෑ. මොකද හේතුවක් හදන්නනේ තියෙන්නේ. එක එක නාට්‍ය රඟ දක්වනවා, ජාතිවාදී කලබලයක් ඇති කරන්න බැරි වෙච්චි තැන...

:       1       12

sharm warn Wednesday, 19 January 2022 09:21 AM

ආ දැන් එයාද ඒ ගමන මහ මොලකරු ?හරි ෂෝයි නේ,එතකොට අර මුනි හාදයාට මොකද වෙන්නේ?

:       1       11

janahitha Wednesday, 19 January 2022 09:22 AM

විශ්‍රාමික නිසාද නම දාන්න බැරි..?

:       0       10

kamal Wednesday, 19 January 2022 10:25 AM

මෙයා තමයි, මෙයා තමයි... මෙයාව ඇතුළට දාලා වැඩේ අහවරයක් කරන්න..

:       0       10

nimelen Wednesday, 19 January 2022 10:26 AM

රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න අමතක කරන්න ගොතපු කතාවක් වගෙයි. අර ගිනි ගත්තු එක්ස්ප්‍රස් පර්ල් නැවේ කචල් එක වහන්න පියුමි හංසමාලිගේ කතාවක් ඇද්දා වගෙයි...

:       1       15

fairoos Wednesday, 19 January 2022 12:20 PM

නිකන් ජනතාව නොමග යවන්න කරන වැඩ.බයියෝනම් ෆෝම් වෙයි

:       3       2

Hafeel Wednesday, 19 January 2022 12:26 PM

මේ වෛද්‍යවරයාගේ ගිනි පැට්ටියේ ගිනි කූරූ කීයක් අඩු වෙලාද?

:       0       3

Hafeel Wednesday, 19 January 2022 12:34 PM

අර නාමල් කුමාරට වැඩේ බාර දුන්නා නම්, සියලු තොරතුරු අනාවරණය කළ හැකියි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 32 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 146 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 993 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site