(නිමන්ති රණසිංහ)

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී හමුවූ ජීව අත්බෝම්බය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලදී කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 25 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද 13 නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ දෙමටගොඩ පදිංචි ඉන්දික පෙරේරා නැමැත්තා ය.

මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් තිදෙනෙකු තස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව ද කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේය.