IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බිරිඳ - දරු දෙදෙනා ඝාතනය කළ අයකුට මරණ දඬුවම

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
සිය බිරිඳ සහ කුඩා දරුවන් දෙදෙනා ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද(07) මරණ දඬුවම නියම කළේය.
 
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස මරණීය දඩුවම නියම වුයේ පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියකු වු, රත්මලාන කල්දේමුල්ල ගොළුමඩම හන්දියේ පදිංචිකරුවකු වු විජේමුණි මධුර මනරංග ද සිල්වා නමැත්තාටය.
 
පේ‍්‍රමයෙන් බැඳුණු වෙනත් තරුණියක විවාහ කරගැනීම සඳහා සිය බිරිඳගේ සහ අවුරුදු තුනක් වයසැති පුතාගේ ගෙල සිර කිරීමෙන්ද, මාසයක් වයසැති බිලිඳා ගිනි තැබීමෙන්ද ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ විත්තිකරුට එරෙහි සියලු චෝදනාවන් පැමිණිල්ල විසින් කිසිඳු සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින්  විනිසුරුවරයා මරණ දඬුවම පැනවීය.
 
විත්ති කූඩුවේ සිට විත්තිකරු ඉල්ලූ පරිදිම කිසිදිනෙක පසුතැවීමක් නොවන ආකාරයට ඉතාම නිවැරදි ආකාරයට මෙම චෝදනාවන්ට විත්තිකරු වරදකරු බවට තීරණය කරන බව සඳහන් කළ විනිසුරුවරයා ජනාධිපතිවරයා නියම කරන දිනයක හා වේලාවක වැලිකඩ බන්ධනාගාරය තුළදී විත්තිකරුට මරණීය දණ්ඩනය පමුණුවන ලෙස නියම කළේය.
 
2012 දෙසැම්බර් මස 17 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මොරටුව ප‍්‍රදේශයේදී බිරිඳ සහ දරුවන් දෙදෙනා මරා දැමු බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
 
ඝාතනයට ලක්ව ඇත්තේ, ගුරුවරියක වු පිහිඹියගේ සචේතනා ස`දමාලි ප‍්‍රනාන්දු (36) නමැත්තිය, විජේමුණිගේ කුෂාන් සඳරුවන් ද සිල්වා හා විජේමුණිගේ ඉෂාන් භානුක ද සිල්වා නමැති පුතුන් දෙදෙනාය.
 
කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ දීර්ඝ වශයෙන් විභාග වූ මෙම නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් විත්තිකරුට මරණ දඬුවම නියම කළේය.
 
මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ යොහාන් අබේවික‍්‍රම මහතා සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා පෙනී සිටියහ.

(ඡායාරූප - චතුර එස්.කොඩිකාර)

 

 



අදහස් (8)

බිරිඳ - දරු දෙදෙනා ඝාතනය කළ අයකුට මරණ දඬුවම

ශ්‍රී සමන් විජේතුංග Thursday, 07 November 2019 10:16 AM

මිනිස්සු මරා ප්‍රශ්න විසදිය නොහැකි බැවින් මෙම කෙනාට සරල දඩුවමක් වත් ලබා දෙන මෙන් අප ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිමු.

:       312       2

GayanThursday, 07 November 2019 11:42 AM

අර පිච්චිලා මැරෙද්දී කෑ ගැසුව කිරිසප්පයින්ගේ වේදනාව.. ඔයාට දැනෙනවද?

:       1       0

athulaThursday, 07 November 2019 01:04 PM

දරුවා ආච්චි ළගට දුවගෙන යනකොට අල්ලලා ගිනිගොඩට දාපු කෙනා ඊට වඩා නරුමයෙක්නේ. අනෙක් දරුවා කිරිකැටියෙක්. මේ වගේ අය මරන්න හොද නැහැ. විදවන්නම දෙන්න ඕනේ.

:       0       0

lankasriThursday, 07 November 2019 01:24 PM

ඔබ මුලින්ම සාපරාධී ලෙස මිය ගිය අයට පණ දෙන්නට ක්‍රමයක් යෝජනා කළහොත් මීට වඩා හොඳනැද්ද?

:       0       0

BamunuarachchiSunday, 10 November 2019 01:22 PM

මෙයාගෙත් මේවගේ වැඩකට සැලසුමක් වත් තිබෙනවාද කියා සැකයි.

:       0       0

Uditha - London Thursday, 07 November 2019 10:42 AM

මහත්තයෝ ඔබ කර ගත්ත පව සුළු පටු නැහැ.. මේ ආත්මෙදි දඩුවම් විදලා නිරයේත් පැහෙන්න වෙනවා කල්ප කාලයක්.

:       0       131

Nihal Thursday, 07 November 2019 12:42 PM

අලුත් පෙම්වතා එක්ක යන්න මේ වගේම දෙයක් ඇමරිකන් කතක් කළා. නමුත් දැන් හිරේ.

:       0       2

chamath Thursday, 07 November 2019 01:08 PM

තිරිසන්නු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 49 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site