(විජේරත්න රත්නායක )
පොරොවකින් පහරදී සිය සැමියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැක පිට කාන්තාවක් අද (05) හාලිඇල පොලීසිය මඟින් අත් අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හාලිඇල නාරංගල දෙබැද්දේවත්ත පදිංචි 36 හැවිරිදි කාන්තාවකි.
පහරදීමෙන් මියගොස් ඇත්තේ සැකකාරියගේ සැමියා වන ඉහත ලිපිනයේ පදිංචිව සිටි ගම්හේවයලාගේ ගුණපාල නමැති 37 හැවිරිදි තිදරු පියෙකි.
අද (05) අළුයම මෙම ඝාතනය සිදුව ඇති අතර ඉන් අනතුරුව සැකකාරිය පොලීසියට පැමිණ භාරවී ඇත.
මියගිය අය දිනපතාම පාහේ බීමත්ව පැමිණ සිදුකරන පහරදීම් හා හිරිහැර ඉවසීමට නොහැකිව බිරිඳ මෙම පහරදීම සිදුකර ඇතැයි පැවසේ.
හාලිඇල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරයි.
2025 දෙසැම්බර් මස 18
677
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බිරිඳගේ පොරෝ පහරින් සැමියා මරුට
සාරාසී Tuesday, 05 May 2020 07:32 AM
මේ වගේ හිරිහැර පහරදීම් වෙන අවස්තාවලදී මිනීමැරුම් කරන්නේ නැතිව ගතහැකි ක්‍රියාමාර්ග ගැන හුගාක් ගැහැනු දැනුවත් නෑ . ඊට හපන් පොලිසියට ගියාම කොහොම හරි සමගි කරලා නැවත ඒ නරා වලටම යවනවා.
saman Tuesday, 05 May 2020 10:38 AM
එතකොට දිනපතා සිදුකරන ලද පහරදීම් හා හිරිහැර වලට මේ කාන්තාවට සහනයක් නැද්ද?
wadura Tuesday, 05 May 2020 01:23 PM
බීලා ඇවිත් කරදර කරනවට හොද පාඩම්.