පාලිත ආරියවංශ
හාලිඇල උඩුකොහොවිලදී සැමියෙක් බිරිඳගේ දෙපා කපා ඇතැයි හාලිඇල පොලිසිය පවසයි .
දණහිසින් පහළ කොටසේ ගැඹුරු කැපුම් තුවාල සහිත එම කාන්තාව බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.
ඇගේ තත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
මෙලෙස කැපුම් තුවාල ලබා ඇත්තේ 24 හැවිරිදි කාන්තාවකි.
මෙම බිරිඳ සැකකරුගෙන් වෙන්ව ජීවත්වන බවත් සැකකරු කැලයේ සැගව සිට සවස් යාමේ බිරිඳ ඇගේ මහ ගෙදරට යද්දී මේ අපරාධය සිදුකර ඇති බවත් විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.
සැකකරු යුද හමුදාවේ සෙබෙළෙකි. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හාලිඇල පොලිසිය පරීක්ෂණ පවත්වයි.ගැනීම සඳහා හාලිඇල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
ඔන්න තවත් රණ විරුවෙක්...
හමුදාව පලි නැහැ පුද්ගලයකුගේ වැරදිවලට. කෙසේවෙතත් මොහු වරදකරුනම් සිවිල් සහ හමුදා නීතියට යටත් බැවින් ඊට අදාල දඩුවම් ලැබේවි.
රණ විරුවන්ට අත නොතබන්න!
රණවිරුවන්ගේ මානසිකත්වය නම් බොහොම පහත මට්ටමක තියෙන්නේ...! රජයෙන් මෙයාලට නිවාඩු කාලය වැඩි කර පවුල් ජීවිතය සදහා කාලයක් ලබා දිය යුතුයි ...
රණවිරුවන්ගේ මානසිකත්වය ගැන හිතනන