
(ඩයනා උදයංගනී)
බොරතෙල් ගෙන්වීමට අවශ්‍ය ඩොලර් නොමැතිවීමෙන් ගැටලුවක් මතු වී ඇති බවත්, එයට විසඳුමක් ලෙස රුපියල්වලින් ගෙවීම් ලබාගැනීමට කැමති සැපයුම්කරුවන් සොයමින් සිටින බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
තවත් දින 26කට ප්‍රමාණවත් බොරතෙල් රට තුළ ඇතැයි කී ඇමතිවරයා අඛණ්ඩව බොර තෙල් සැපයීම සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ තාවකාලිකව වසාදමා තිබූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
ඩොලර් නැති වීම අමාත්‍යාංශය මට්ටමෙන් විසඳිය හැකි ප්‍රශ්නයක් නොවන බව කී ඇමතිවරයා එයට ඇමතිවරයාවත් සභාපතිවරයාවත් වගකිව යුතු නැතැයි ද පැවසීය.
මේ වන විට ඩොලර් මිලියන 59ක් අපි වැයකර බොර තෙල් බැරල් ලක්ෂ 7ක් ගෙන්වා ඇතැයි කී ඇමතිවරයා මේ දිනවල අඩු ධාරිතාවකින් කටයුතු කරන නිසා දින 26කට ප්‍රමාණවත් බොර තෙල් මෙලෙස ගෙන්වා ඇතැයි ද කීවේය.
එමෙන්ම වැසි සමය අවසන් වී ඇති නිසා විදුලිබල මණ්ඩලයට දැවි තෙල් අවශ්‍ය විය හැකි බව කී ඇමතිවරයා දැනට දැවි තෙල් ටොන් 65,000ක් තිබෙන බවත්, ඉදිරියේදී අවශ්‍යවන ප්‍රමාණය ලබාගැනීම සම්බන්ධයෙන් අවධානයට යොමු කර ඇති බවත් ප්‍රකාශ කළේය.
බොර තෙල් ලබාගැනීමට සැපයුම්කරුවන් සිටියත් ඔවුන්ට ගෙවීම් කිරීමට ඩොලර් නොමැති නිසා රුපියල්වලින් ගෙවීම් ලබාගැනීමට කැමති සැපයුම්කරුවන් සොයමින් සිටින බව කී ඇමතිවරයා ඔවුන්ට ලංකාවේ රුපියල් ආයෝජනය කර දීර්ඝ කාලීන කොන්ත්‍රාත් ක්‍රමයට බොර තෙල් සපයාගැනීමට මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බවත් පැවසීය.
යම් ගැටලුවක් මතුවෙනවා නම් ඒ ගැන කටකතාකරුවන්ට පෙර තමන් රටට කියන බව කී ඇමතිවරයා දැනට එවැනි ප්‍රශ්නයක් නැතැයි ද කීවේය.
COMMENTS
කරුණාකර අපිව අමාරුවේ දාන්නේ නැතිව අද, හෙටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පතන්න. මේ සංචාරක කාලසීමාවේ ආරම්භය.. මේ වෙලාවේ ආහාර හිඟවෙලා, විදුලිය කපන්න සිද්ද වුණොත්, දැනට එන සංචාරකයන් හැරිලා යාවි. ඒකෙන් ලැබෙන ඩොලර් ටිකත් නැතිවෙලා අපි අමාරුවේ වැටෙනවා.
ඒ්කත් බලමුකො ..පෝලිමට ලෑස්ති වෙන්න...
බර කරත්තය ලැහැස්ති කර ගැනීම සඳහා මෙය කලින්ම දැන්වීම ගැන ස්තුතිවන්ත වෙමි...
ඔව්, බාල්දියක් තියෙනවා. ඒත් ඒකේ අඩිය නැහැනේ. ඉතින් කොහොමද තෙල් ගේන්නේ?
පිස්සෙක් . බල්ලොත් නොගන්නා ශ්‍රී ලංකා රුපියල් ගන්න වෙන රට වලට පිස්සු නැහැ.