ලෙබනනයේ සිදුවූ දැවැන්ත පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව ඇති හෙයින් බේරූට් වරාය නිලධාරීන් කිහිපදෙනකු නිවාස අඩස්සියේ තබා ඇතැයි ලෙබනන් රජය පවසයි.
 
ජනපති මයිකල් අවුන් පැවසුවේ මෙම පිපිරීමට හේතුව වරායේ ගබඩාවක අනාරක්ෂිතව ගබඩා කර තිබූ මෝනියම් නයිට්‍රේට් තොගයක් බවයි.
 
දෙවන ලෝක සංග්‍රාමයේදී ජපානයේ හිරෝෂිමා නගරයට එල්ලවූ පරමාණු බෝම්බයේ පිපිරීම් බලයෙන් දහයෙන් එකක පමණ පිපිරීමක් බේරූට්හි සිදුව ඇති බව බ්‍රිතාන්‍යයේ ෂෙෆීල්ඩ් විශ්ව විද්‍යාලයේ විශේෂඥයින් ගනනය කර තිබේ.
 
මෙය ඉතිහාසයේ සිදුවූ විශාලතම න්‍යෂ්ටික නොවන පිපිරීම් වලින් එකක් බවද ඔවුහු සඳහන් කරති.
 
රසායනික ද්‍රව්‍ය ඉවත් කරන ලෙස ඉල්ලා සිටියත් එය සිදුනොවූ බව රේගු ප්‍රධානී බද්රි ඩහර් කියා සිටියි.
 
වරායේ ආරක්ෂාව සහතික කිරීම සඳහා රසායනික ද්‍රව්‍ය තොගය අපනයනය කිරීම හෝ විකිණීම සිදුකරන ලෙස අධිකරණයෙන් කිහිප වරක්ම ඉල්ලා සිටි බව බේරූට් වරාය ප්‍රධානියා සහ රේගු අධිකාරියේ ප්‍රධානියා යන දෙදෙනාම මාධ්‍යයට පවසා ඇත.
 
උසාවිය විසින් රසායනික දුව්‍ය තොගය වරායේ ගබඩා කර තැබීමට නියෝග කළ විට එය භයානක බව ඔවුන් දැන සිටියේයැයි වරාය අධිකාරී හසන් කොට්රෙම් පවසයි.

කෙසේවුවද වගකිවයුත්තන්ට හැකි උපරිම දඬුවම් ලබාදෙන බව ලෙබනන් ශ්‍රේෂ්ඨාධිකරණ ආරක්ෂක කවුන්සිලය ප්‍රතිඥා දී තිබේ.
 
2014 ජුනි මාසයේ සිට මෙම ඇමෝනියම් නයිට්‍රේට් තොගය සම්බන්දව කටයුතු කළ සියලු වරාය නිලධාරීන් නිවාස අඩස්සියට පත්කරීම සඳහා අදාල බව තොරතුරු අමාත්‍ය මනල් අබ්දෙල් මහතා පවසයි.
 
 
(බීබීසි ඇසුරිණි - 085)