IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘බය නැතිව ඡන්දය දෙන්න එන්න’

(ඡායාරූප - ප්‍රදීප් පතිරණ)

(ඩයනා උදයංගනී)

ඡන්දය ප්‍රකාශකරන ඡන්ද පොළ සියල්ල 100%ක් කොරෝනා අවදානම නොමැති ස්ථාන බවට තහවුරු කර ඇති නිසා බිය නැතිව පැමිණ ඡන්දය ලබාදෙන්නැයි ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

ඡන්දපොලේදී වයිරසය ආසාදනය විය හැකි සියලු ආකාර වැළැක්වීමට ක්‍රියාමාර්ග ගෙන ඇති බව කී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඡන්දය ජනතාවගේ අයිතියක්, වගකීමක් මෙන්ම ඔවුන්ගේ හඬ ද වන නිසා බිය නැතිව ඡන්දය දීමට කටයුතු කළ යුතු බව ද සඳහන් කළේය.

මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි. එහිදී අදහස් දක්වමින් මහින්ද දේශප්‍රිය මහතා මෙසේ ද කීවේය.

“ඡන්ද දායකයින් ඡන්ද මධ්‍යස්ථානයට එනවිට මුහුණු ආවරණය පැළඳ සිටීම අත්‍යාවශ්‍යයි. ඔවුන් එයට ඇතුළු වන විටම අත් පිරිසිඳුකාරකයකින් අත් පිරිසිඳු කරවනවා. ඉන්පසු එහි සිටින පළමු නිලධාරියාට තම හැඳුනුම්පත පෙන්වා මුහුණු ආවරණය පසෙකට කර අනන්‍යතාව තහවුරු කළ යුතු අතර, ඉන්පසුත් අත් පිරිසිඳුකාරක ඔවුන්ට ලබාදෙනවා. ඉන්පසු ඇඟිල්ලේ නොමැගෙන ආලේපනය ගල්වන්නේත් ඉටි තැවරූ කඩසියකින්. එම කඩදාසි එක් අයකුට එකක් බැගින් භාවිතා කරනවා. ඒ නිසා ඡන්ද පොලේදී කිසිම ආකාරයකින් වයිරස ආසාදනයක් වන්නේ නැහැ. ඡන්දය ප්‍රකාශ කර මධ්‍යස්ථානයෙන් පිටව යද්දීත් ඔබේ අත් පිරිසිඳු කරනවා.

හැකි නම් ඡන්දයදීමට යන විට නිල් හෝ කළු පැහැ පෑනක් රැගෙන එන්නැයි අපි ඉල්ලා සිටිනවා. නොගෙනෙන අයටත් විෂබීජ නාශකවලින් පිරිසිඳු කළ පෑනක් අප ලබාදෙනවා. ඒ වගේම පිළිගත් හැඳුනුම්පතක් ගේන්නත් අමතක කරන්න එපා. ඡන්ද මධ්‍යස්ථානයේ දී සැමවිටම මීටරය පවත්වා ගැනීමටත් කටයුතු කළ යුතුයි.

ඒ වගේම ඡන්ද පත්‍රිකාව ලැබුණු පසු පක්‍ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ සලකුණ ඉදිරියේ කතිරය ලකුණු කර ඉන්පසු පහළ ඇති මනාප අංක මත උපරිම තුනක් වන පරිදි කතිර ගැසිය හැකියි. ඉන්පසු හොඳින් නවා ඡන්ද පත්‍රිකාව පෙට්ටියට දමා ඡන්දපොළ අවට රැඳී නොසිට හැකි ඉක්මණින් නිවසට හෝ රැකියා ස්ථානයට යන ලෙසත් අප ඉල්ලා සිටිනවා.

ඡන්දය ඕබේ අයිතියක්, වගකීමක් මෙන්ම ඔබේ හඬ නිසා බිය නැතිව ඇවිත් ඡන්දය දෙන්නැයි අපි ජනතාවගෙන් ඉල්ලනවා. අපේ ඡන්දපොල 100% ක් කොරෝනා අවදානම නැති ස්ථානයක් බව තහවුරු කර තිබෙනවා. අපේ නිලධාරීන් ඔබ හා කතා කරන්නේත් මුහුණ හොඳින් ආවරණය කරගෙනයි. ඔවුන් මුහුණු ආවරණ පමණක් නොව ඉදිරියෙන් ඉටිකොළ ආවරණ පවා යොදා තිබෙනවා. ඒ නිසා කිසිසේත්ම ඡන්දය භාවිතා කිරීමට බිය විය යුතු නැහැ.”

පින්තූර සඳහා පිවිසෙන්න - ‘බය නැතිව ඡන්දය දෙන්න එන්න’

 



අදහස් (5)

‘බය නැතිව ඡන්දය දෙන්න එන්න’

Nihal Tuesday, 04 August 2020 04:08 AM

ඡන්ද මධ්‍යස්ථානය ආරක්ෂිත උනත් ඡන්දය දැමීමට එන අය ගැන සහතිකයක් දිය හැකිද ?

:       0       3

Kooralage Tuesday, 04 August 2020 06:24 AM

මේ ඡන්දයේදී ඔඉතුමා ගත්ත සෑම පියවරක්ම ඉතාම නිවැරැදි සහ අතිවිශිෂ්ඨයි. මේ දේශපාලන හොරකල්ලි ඔබතුමාට මොනතරම් අවලාද නැගුවාද? ඔබතුමාට මේ රටේ මහජනතාව උතුම් සම්මානයක් දියයුතුයි. මේ හොරුන් අස්සේ මේ ඡන්දය මෙලෙසින් ඉතාම විනීතව කිරීම ගැන. ඔබතුමාගෙන් පස්සේ මේ ස්වාධීන කොමිෂන් කුණු කූඩෙට තමයි. රටට දෙයියන්ගේම පිහිටයි.

:       0       405

Raveendra Tuesday, 04 August 2020 07:38 AM

රජයේ සේවකයකු වන ඔබගේ පණනල රැකුමට මෙන්ම සිය පවුල රැක ගැනුමට වැටුප් මෙන්ම සියලු සැපපහසුකම් ලබාදීමට බදුගෙවන සියලුම ලාංකිකයන් මෙන්ම මාද ඍජුවම දායක වූ බැවින් ඔබ කරන අවංක සේවය වෙනුවෙන් අප ඔබට හදවතින්ම සැමවිටම යහපතක් වේවා යන්න නිරතුරුවම ප්‍රාර්ථනා කරන්නෙමු. ඔබ සහ සිය පවුලටම යහපතක්ම වේවා.!!! මෙම අදහස් අපගේ බදුමුදල්වලින් ජීවිකාව රැක ගන්න සියලුම රජයේ සේවකයින්ට මෙන්ම දියවන්නාව අසුචි වලේ " අසුචි පණුවන්ටද " කියවීමට හැකිවේවා..!!!

:       0       112

Bamunuarachchi Wednesday, 05 August 2020 03:49 AM

කාට බයේද ඡන්දේ නොදා ඉන්නේ.?

:       281       0

BamunuarachchiWednesday, 05 August 2020 11:43 AM

අපි කාටද බය? අපිට කවුද බය?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site