
(රංජිත් රාජපක්ෂ)
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 18 දෙනකු කොටගල ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කර ඇති බව දිඹුල පතන පොලිසිය පවසයි.
දිඹුල පතන මවුන්ට්වර්නන් වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට මෙසේ බඹර ප්‍රහාරය එල්ල වි ඇත.
බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් 16 දෙනෙකු සහ වතු කම්කරුවන් 02 තම රෝහලට ඇතුලත් කල බව කොටගල ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිනි සාවිත්‍රි ශර්මා මහත්මිය පැවසිය.
තේ පදුරක් මත බැද තිබු බඹර කුඩුවක් තේ දළු නෙලමින් සිටි කාන්තාවකගේ පයට පැගිමෙන් පසු බඹරුන් ඇවිස්සි තමන්ට පහර දුන් දි ඇති බවයි වතු පාලන අධිකාරිය කියා සිටියේ.
COMMENTS