(ඉන්දිකා රාමනායක)
පාස්කු දා ප‍්‍රහාර එල්ල කළ බෝම්බකරුවන් 9 දෙනා භාවිත කළ ජංගම දුරකතන අංක සහ ඔවුන් වෙත ලැබී තිබූ ඇමතුම් අංක ඇතුළු දුරකතන අංක 1800 ට අධික ප‍්‍රමාණයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්ලේෂණය කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනට කළ විමර්ශනයේ දී අංක 1800ක ප‍්‍රමාණයක් හඳුනාගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
මෙම බෝම්බකරුවන් සමග සබඳතා පැවැත් වූ පුද්ගලයන් සහ ඔවුන්ට ඇමතුම් ලබාදුන් පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කර ගත හැකි බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
එම අංක අනුව මේ වනවිටත් කිහිපදෙනෙකු හඳුනාගෙන ඇති බවත් ඉදිරියේදී ඔවුන්ගෙන් ප‍්‍රශ්න කර ඔවුන් මෙම ත‍්‍රස්තවාදීන් සමඟ පැවැත් වූ සබඳතා හෙළි කරගන්නා බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බෝම්බකරුවන්ගේ දුරකතන අංක 1800ක් ගැන විශ්ලේෂණයක්
ranesh Friday, 31 May 2019 02:47 AM
ඔය අංක වලින් දේශපාල්කොයෝ අයින් කරලා .... වත්තේ පොල් කඩන්න වගේ කතාකරපු එකක් දෙන්නෙක් අල්ලලා පොඩි සංදර්ශනයක් දායි ....