
(ඉන්දිකා රාමනායක)
උත්සව සමයේ රිය අනතුරු අවම කිරීම සදහා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සදහා සෑම පොලිස් ස්ථානයකටම බීමත් රියදුරන් පරීක්ෂා කරන බ්‍රොතලයිසර් උපකරණ කට්ටල 30,000 ක් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
බීමත් රියදුරන් පරීක්ෂා කිරීම සදහා පොලිස් ස්ථාන වලට මෙතෙක් ලබා දී ඇති උපකරණ වලට අමතරව මෙම
උපකරණ කට්ටල ලබා දී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
උත්සව සමයේ සිදුවන රිය අනතුරු වලක්වා ගැනීම සදහා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද (18) සිට රටපුරා ආරම්භ කිරීමට උපදෙස් ලබා දී ඇති බවද අජිත් රෝහණ මහතා පවසයි.
මෙම මෙහෙයුම් වලදී බීමත් රියදුරන් ට අමතරව අධික වාහන නළා ශබ්ද කරන, නොයෙක් ආකාරයේ විදුලි බුබු`ථ දල්වාගෙන ධාවනය කරන රියදුරන් ද අත්අඩංගුවට ගන්නා බවද හෙතෙම කීය.
සාමාන්‍යයෙන් රටතුළ දිනකට රියඅනතුරු වලින් මරණ 10 ක් වාර්තා වන බවත්, කොරෝසා සමයේ ප්‍රදේශ හුදකළා කිරීම, වාහන ධාවනය සීමා කිරීම, ඇතුලු ක්‍රම අනුගමනය කිරීම හේතුවෙන් රිය අනතුරු වල අඩුවක් දක්නට ලැබුණ බවද අජිත් රෝහණ මහතා සදහන් කළේය.
මේ වන විට රටතුළ රියඅනතුරු පෙර තත්ත්වයට පත්ව ඇති බවත් අද (18) දිනය තුළ පමණක් පුද්ගලයන් 10 දෙනෙක් මියගොස් සිටි බවද හෙතෙම සඳහන් කළේය.
සාමාන්‍යයෙන් අප්‍රේල් මස 10 - 20 අතර කාලයේ සහ දෙසැම්බර් මස 20 සිට ජනවාරි මස 05 වැනි දින දක්වා තුළ රියඅනතුරු බහුල වශයෙන් සිදුවන බවද අජිත් රෝහණ මහතා කීය.
මෙම තත්ත්වය වලක්වා ගැනීම සදහා මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇති බවද අජිත් රෝහණ මහතා සදහන් කළේය.
COMMENTS
ලංකාවේ පොලිසියයි, රියදුරු පුහුණුව දෙන, වාහන රියදුරු පලපත්‍ර දෙන සෙට් එකයි, ඩුබායි, ඕමාන් වගේ රටකට යවල හරි කොහොමද වාහන එලවන මිනිසෙක් පුරුදු කරන්නේ'...? ඔවුන්ගේ විනය පුහුණු කරන්නේ...බලපත්‍රයක් දෙන්න පරික්ෂා කරන්නේ, වහනයක් භාවිතයට පෙර වාහනයේ තිබිය යුතු අනිවාර්ය ලක්ෂණ, උපකරණ, මොනවද කියල කියල දෙන්න ඕනේ. ලංකාවේ වාහන බලපත්‍ර දෙන ක්‍රමය හරිම ප්‍රාථමිකයි.., මේ කාලයට කිසිසේත්ම නොගැලපේ... මේ මරණ වලින් අති බහුතරයකට බලපත්‍ර දෙන ක්‍රමය වගකිව යුතුමයි... !
අනේ මහත්තයෝ, අපි අවුරුද්දක් විතර මත්වතුර බීවේ නැහැනේ.
ඇල්ලුවට වැඩක් නැහැ... මොකද පොලිසියේ ඉන්නෙත් කන බොන මිනිස්සු.. එයාලටත් බෝතලයක් දුන්නා නම් වැඩේ ගොඩින් බේරගන්න පුළුවන්... අපරාදේ ඔය මැෂින් වලට වියදම් කළ සල්ලි.
බ්‍රොතලයිසර්? ජීනා මැඩම් හිටියා නම් පැනලා දුවයි....
කොරෝනා අාසාධිත පොලිස් නිලධාරීන් මේවා අතගා රියදුරන්ගේ කටේ ගැසීමට යාමෙන් රට පුරා කොරෝනා ව්‍යාප්තිය තවත් බරපතල විය හැක. මේ නිසාම කටේ ගැසීමට පෙර ඇල්කොහොල් අඩංගු දියර මගින් පිරිසිදු කළහොත් එහි අඩංගු ඇල්කොහොල් නිසා ලැබුණු මධ්‍යසාර අගය වැරදියට පෙන්වූවා කියලා මේ ගැන උසාවියේදී තර්ක කළහොත් සියලුම වැරදිකරුවන් නිදහස් වන්නටත් ඉඩ තිබෙනවා. එවිට පොලිසියේ මේ උත්සාහය අපතේ යා හැකියි.