IMG-LOGO

2024 පෙබරවාරි මස 21 වන බදාදා


‘බෝපේ - පෝද්දල මත්ද්‍රව්‍ය මර්දනයට පොලිසිය පියවර ගන්නේ නෑ’

(සිරංගිකා ලොකුකරවිට)
 
 
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ පොලිසියට දැනුම් දුන් විට පොලිසිය තම තොරතුරු ජාවාරම්කරුවන්ට  දෙන බව බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී උදුල විශ්වජිත් ජයනෙත්ති මහතා පැවසීය.
 
ඒ මහතා මේ බව කියා සිටියේ අද (18) බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම් අවස්ථාවේ දී අදහස් දක්වමිනි. බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභා රැස්වීම එහි සභාපති දිල්රුක් අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
 
 
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.
 
''මත්කුඩු හා මත්පැන් ජාවාරම දැන් වසංගතයක් වෙලා. පාසැල් යන වයසේ දරුවකුවත් තියාගන්න බෑ. මේ කටයුතු ක්‍රියාත්මකවෙන්නේ දුරකථන අංක හරහා කෙරෙන ඊසි කෑෂ් ගනුදෙනුවලින්. පොලිසිය කියන්නේ මේවා පාලනය කරන්න බෑ කියලා. කරාපිටියේ ගොඩකන්ද වැනි ප්‍රදේශවල මෙය තදින්ම පැතිරිලා. ප්‍රාදේශීය සභාව හැටියට මේ කටයුතු පාලනය කරන්න අවශ්‍ය සියලු පියවර අප විසින් ගත යුතුයි"
 
මෙහි දී අදහස් දැක්වූ උප සභාපති  පොදු ජන පෙරමුණු මන්ත්‍රී ධම්මික සුමිත් ජයසේකර මහතා මෙසේ කීවේය.
 
''කුරුන්දකන්ද, තොටගොඩ, කපුහෙම්පල ප්‍රදේශවල කසිප්පු හා මත්කුඩු ජාවාරම බහුලව සිදුවෙනවා. කුරුන්ද කන්ද පාරේ හැන්දෑවට මනුස්සයෙකුට පාරෙ බැහැලා යන්න බැහැ. පොලිසියටත් මේ ජාවාරම්කාරයන් අල්ලන්න හෝ පාලනය කරන්න කිසිම වැඩපිළිවෙලක් නෑ. මේ සම්බන්ධයෙන් ස්ථානාධිපතිවරු දැනුම්වත් කරන්න කටයුතු කරන්න. කුරුන්ද කන්දේ සොහොන් පිටිය මැදින් තියෙන තාවකාලික පාර දැන් මේ ජාවාරම්කාරයට හොඳ මාර්ගයක් වෙලා. මේ මාර්ග වසා දැමීමට කටයුතු කළ යුතුයි."
 



අදහස් (2)

‘බෝපේ - පෝද්දල මත්ද්‍රව්‍ය මර්දනයට පොලිසිය පියවර ගන්නේ නෑ’

චාමර Tuesday, 19 February 2019 04:24 AM

මේ වගේම තමය් ඉංගිරිය සහ ඒ අවට ගම් ...විශේෂයෙන්ම නම්බපාන ..දන්නා කාලේ ඉඳලම බරපතල ලෙස මෙම ජාවාරම් කරගෙන යනවා...කවදාවත් පොලිසියෙන් උත්සාහ ගත්තේ නෑ මේවා නැති කරන්න....විකුණන්න සහ උසාවි යන්න වෙනම මිනිස්සු තියාගෙන....කරන ......විශාල ජාවාරම් .....මේවා නවත්තන්න පොලිසියට ඕන කමක් නැහැ....... හේතුව මෙතන කියන්න ඕන නෑ නේ...

:       0       38

Nawodhi Tuesday, 19 February 2019 04:55 AM

පිළියන්දල පොලිසිය වේද මාවත හරහා මත කුඩු ගෙන යයි. දැන් මේ මාර්ගය ජාවාරම්කාරයට හොඳ මාර්ගයක් වෙලා.

:       0       41

ඔබේ අදහස් එවන්න

දියත

විදුලි බිල අඩු කෙරෙන හැටි මෙන්න
2024 පෙබරවාරි මස 21 69 0

විදුලි බිලට පසුගිය ඔක්තෝබර් මාසයේදී වැඩි කෙරුණු මුදල (ප්‍රතිශතය) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කටයුතු කරන බව විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇතැයි විදුලි බල හා


ගාල්ල ජැටියේ පැරණි නෞකාවක නැංගුරමක්
2024 පෙබරවාරි මස 21 93 0

ගාල්ල පැරණි වරායේ ජැටිය ආසන්න මුහුදේ තිබී 12 වන හෝ 13 වන සියවස්වලට අයත් යැයි සැලකෙන ගල් නැංගුරමක් හමු වී ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍


වර්ල්ඩ් ෆයිනෑන්ස් හි ‘ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම’සෙලින්කෝ ලයිෆ්
2024 පෙබරවාරි මස 21 4 0

ලොව ප්‍රකට මූල්‍ය සඟරාවක් වන වර්ල්ඩ් ෆයිනෑන්ස් විසින් 2023 වසරේ ‘ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්‍ෂණ සමාගම’ ලෙසට සෙලින්කෝ ලයිෆ් තෝරාගෙන ඇති අතර, එය අඛණ්ඩව 10 ව


මොළය පරිගණකයට සම්බන්ධ කරන මෙහෙයුම සාර්ථකයි
2024 පෙබරවාරි මස 21 87 0

නියුරලින්ක් චිපයේ මිනිස් අත්හදා බැලීම් සඳහා සහභාගී වූ ප්‍රථමයාට එම චිපය මොළයට බද්ද කර මසක් ගතවීමටත් මත්තේ සිතීමෙන් පරිගණකයේ මවුස් එකක් පාලනය කිරීමට


කඩුවෙල අධිකරණයෙන් දුන් වාහන හෝමාගම අධිකරනයෙන් යළි ගනී
2024 පෙබරවාරි මස 21 37 0

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය මගින් යළි අයිතිකරුවන්ට භාර දෙන ලෙස නියෝග කරන ලද රුපියල් කෝටි දහයක් පමණ වටිනා කඩුවෙල ’’වැලිවිට සුද්දා’’ නැමැත්තාට අයත් බ


ඉරාන විදේශ ඇමති ජනපති හමුවෙයි
2024 පෙබරවාරි මස 21 78 0

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර්-අබ්දුල්ලාහියන් (Hossein Amir-Abdollahian) මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ජනාධිපති


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 132 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 217 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 245 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site