(අජන්ත කුමාර අගලකඩ)
රජයේ රැකියාවලට බඳවාගනු ලැබූ උපාධිධාරී අභ්‍යාසලාභීන් 45,000 ක පමණ පිරිසට පුහුණුව ලබාදීම මැතිවරණ කොමිසන් සභාව විසින් නතර කරනු ලැබීම අනුමත කළ නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
පුවත්පත් කතුවරුන් හා විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන්න සමඟ අද (5) පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙසේ පැවසීය.
මෙම පත්වීම් ලබාදීම පිටුපස කිසිදු දේශපාලනයක් නැතැයි ද තමා ඒ කිසිවකට අත ගැසුවේ නැතැයි ද ජනාධිපතිවරයා පැවසීය.
මෙම උපාධිධාරීන් තෝරා ගෙන පත්වීම් ලිපි යැව්වේ දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් බව කී ජනාධිපතිවරයා මහමැතිවරණය ප්‍රකාශයට පත්කරන අවස්ථාව වන විට ඔවුනට පත්වීම් ලිපි යවා අවසන් බවද කීවේය.
එසේ තිබියදී එම උපාධිධාරීන්ට පුහුණුව දීම මැතිවරණ කොමිසන් සභාවෙන් වැළැක්වීම වැරදි ක්‍රියාවක් බවත්, මේ පිළිබඳව නැවත සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ජනාධිපතිවරයා සහ පුවත්පත් කතුවරුන් අතර හමුව ජනාධිපති කාර්යාලයේ දී අද (5) දහවල් පැවැත්විණි.
COMMENTS
පුහුණුව ප්‍රමාද වුණා. මැතිවරණය සම්බන්ධ නැකැත් ඉක්මන් වුණා. කොහොමත් රටේ මිනිස්සුන්ගේ නරක වෙලාවක් වගේ ඉදිරියට තිබෙන්නේ...
ඒ වගේම ඡන්දයක් ප්‍රකාශයට පත්කරලා තියෙද්දී පත්වීම දීම අනුමත කරන්න බැහැ වගේම නීතියට පටහැනියි. රටේ පාලකයා පොදු නීතියට ගරුකළ යුතුවා වගේම නීතිය ඔහුට උඩින් බවද සිහි තබාගත යුතුයි.
මාස 3ක් කල්මරුවා. මැතිවරණයක් ප්‍රකාශ කරලා තියෙද්දී පත්වීම් දෙන එක නීති විරෝධියි කියලා... ඔබතුමා දන්නේ නැද්ද? 2/3 ඉල්ලන්නේ ඔයවගේ හිතු මනාපේ වැඩ කරන්න මිසක් රට දියුණු කරන්න නෙවෙයි. මැතිවරණ කොමිසමේ අගය මෙයින් මැනවින් ඔප්පු වෙනවා.
රටේ නීතිය සැමටම පොදුයි කිව්වා නේද? තමන්ගේ පක්ෂය දිනවන්න මැතිවරණය ළඟ එනකොට මේ දේවල් කරන්න බැරි බව දන්නවනේ... පසුගිය රජයත් මෙවැනි දේවල් කරනකොට කට්ටියම මොර දුන්නා අමතකද? ජනයාව රවට්ටමින් පොහොරදෙමින් පාඩුලබන ආයතනවලට රැකියා දෙමින් අමාරුවේ වැටෙන්නේ තමුන්මයි...
රටේ නීතිය සැමටම පොදුයි කිව්වා නේද? තමන්ගේ පක්ෂය දිනවන්න මැතිවරණය ළඟ එනකොට මේ දේවල් කරන්න බැරි බව දන්නවනේ.. පසුගිය රජයත් මෙවැනි දේවල් කරනකොට කට්ටියම මොර දුන්නා අමතකද? ජනයාව රවට්ටමින්, පොහොරදෙමින් පාඩුලබන ආයතනවලට රැකියා දෙමින් අමාරුවේ වැටෙන්නේ තමුන්මයි.
දන්නේ නැද්ද මැතිවරණ අස්සේ රැකියා දෙන්නේ මොකටද කියලා...? මැතිවරණ කාර්යාලය නීතිය අකුරට කරයි. නීතිය හැමෝටම එකයි. ඒ නීතියවත් හරියට කරන්න දෙන්න ඒවටත් ඇඟලි ගහන්නේ නැතිව... මැතිවරණ කාලෙට රැකියාදීලා ඡන්ද ගොඩ වැඩි කරගන්න හදන්නේ...
ඔබේ රැකියාව ලබාගැනීමට නම් වත්මන් ආණ්ඩුව දිනවීමට කටයුතු කළ යුතු බව ව්‍යංගයෙන් පෙන්වා දීමක් බවයි මගේ අදහස...
මැතිවරණ කොමිසම වහාම විසුරුවාහැර ඔබතුමාට මනාප කොමිසමක් පත්කර ගන්න...!
ව්‍යාපෘති සහායක 7500 නැවැත්තුව විදිහ මතක නැහැ වගේ..
‘බඳවා ගත් උපාධිධාරීන්ගේ පුහුණුව නතර කිරීම අනුමත කරන්න බෑ’ ඇත්ත! කොමසාරිස් එහෙම කරන්න හේතු ඇතිනේ... එයා සමග සාකච්ඡා කරලා බලලා විසඳගන්න. තෝරා ගත්තා නම් ඡන්දෙන් පස්සේ පුහුණුව දුන්නත් මොකද?
මැතිවරණ කොමිසමටත් උඩින් ඉඳියි වගේ මෙයා... ඒකාධිපති ලක්ෂණ පෙන්නනවද මන්දා..?
සමන්ත මෙයා හැමවිටම නීතිය බල්ලට දාලා වැඩ කරන්න හදන කෙනෙක්. ජනාධිපති නෙමේ කවුරු උනත් මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට යටත්. පදවියේ ඉන්න තාක් කල් මුක්තියක් තිබුනට බලය නැතිදාට යන්න වෙන්නේ හොම්බෙන්.
පාර්ලිමේන්තුව විසුරුවන්න තව මාස 6ක් කල්තිබුනා. 2020 අගෝස්තු දක්වා. ඒ නිසා ඔය දෙනවා කිව් සෑම දෙයක්ම දීලා ජනතාවගේ හිත දිනාගෙන මැතිවරණය තියන්න තිබුනා.
රාජපක්ෂලා කවද්ද නීතියට ගරුකලේ. රට ආර්ථික සමාජයීයක වශයෙන් අතිශයින් පරිහානියට පත් වුනේ ඒකනේ. තව දුරටත් බලය දුන්නොත් රට නැත්තට නැතිවෙනවා.
පුහුනුව නැතුවට මාස දෙකටම 20,000 ගානෙ 40,000 ට නිකන් පඩි. මෙව්වා මැකෝගෙ හෝ ජනාධිපතිගේ සල්ලි නොවේ. මිලියන 1600. කජු ඇටද කොස් ඇටද?
සිරිසේනගේ තත්වෙට සිරිසේනට කලින් එයි වගේ මෙයා.