
(සුජිත් හේවාජුලිගේ )
ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන බණ්ඩාරවෙල බිඳුණුවැව පටක රෝපණ මධ්‍යස්ථානය සහ බිම්මල් බීජ නිෂ්පාදන ඒකකය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් 18 වැනිදා නිරීක්ෂණය කළේය.
මෙම ගොවිපොළ කාබනික පොහොර භාවිතා කර පවත්වාගෙන යනු ලබන්නකි.
කාබනික පොහොර නිෂ්පාදනය ඇතුළු සේවවාන් වඩාත් පුළුල් කරන ලෙස ජනාධිපතිවරයා එහිදී එම මධ්‍යස්ථානයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
කෙසෙල්, අඹ ඇතුළු පළතුරු සහ මල් පැළ වර්ගවලට අදාළ පටක රෝපණයද මෙම මධ්‍යස්ථානය විසින් සිදු කෙරේ.
මීට අමතරව විශ්වවිද්‍යාලවල කෘෂි පීඨ සහ පාසල් සිසුන්ගේ අධ්‍යාපනික පර්යේෂණ කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමද මෙම මධ්‍යස්ථානය මගින් සිදු කෙරෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
තවද කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් පුහුණු කිරීම සහ පළාතේ ගොවීන්ට අවශ්‍ය තාක්ෂණික සහ ප්‍රායෝගික දැනුම ලබාදීම සඳහා ආදර්ශ ගොවි පොළක්ද එම ස්ථානයේ පවත්වාගෙන යනු ලැබේ.
මේ අවස්ථාවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනපිටිය සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.


COMMENTS
කොහේ යනවද මන්දා ගෙදරට වෙලා ඉන්නේ නැතිව. දැන් ඉතින් ඕකත් නැතිවෙලා යයි. මොකද මෙයා අඩිය තියපු තැන කාලකණ්ණි වෙනවා.
රටේ කෘෂි ආර්ථිකයයි ගොවියයි, ගොවිතැනයි, තේවගාවයි නැති කළා වගේ ඕකත් නැති භංගස්ථාන කරලා දාන්න නම් එපා...
අර අක්කාගේ, මේ අක්කාගේ උපදෙස් අහලා ඔතනත් හඳුන් ගස් දාහක් නම් හදන්න එපා. ඔතන තියෙන්නේ කෘෂි පර්යේෂණ වලටයි.
එතෙන්ටත් පැන්නා, කොල අතු ටිකකින් වත් ඔය පැල තවාන් පෙනෙන්නේ නැතිවෙන්න වහලා දාන්න...... හත්වලාමේ විනාසයි කිව්වලු.
පුරන් කුඹුරු කොටපු සෙට් එකයි, බෝක්කු වල චිත්‍ර ඇඳපු කට්ටියයි... උදලු, පින්සල්,තීන්ත බෝතල් තියාගෙන පාරේ දෙපැත්තේ ඇති... තනිපංගලමේ යනකොට පරිස්සමින් යන්න.
අවුරුදු 2න් රටට වෙච්චි දෙයක්... දැන්නම් ඇති සර් ගෙදරටම වෙලා ඉන්න..
විකුණන්න කතා කරන්න කලින් හරියට බලාගන්න එපැයි...
අවුරුදු හැටක් ගතකොට ලබාගත් ආහාර ස්වයංපෝෂිත භාවය අවුරුදු දෙකකින් නැතිකලා. මෙය මොහුව මෙහෙයවනන්නන් කල ක්‍රියාවක් නොවේද. කෘෂිකර්ම ආර්ථිකය විනාශ කල විට ආහාර ආනයනය සඳහා වීවෘත වන අවස්ථාව විදේශීය බලවේග රටට ඇතුලුවන පහසුම මග. අර ගඳගහන රතනයාත් මෙහි පාර්ශ්වකරුවෙක්.
මගේ තිස්සමහාරාමයේ ඇති කාබනික ගොවිපල වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය කාර්මික සහයෝගය සහ උපදේශය ලබාදේවි යැයි මම බලාපොරොත්තු වෙනවා.. ඉදිරියට කරගෙන යාමට උපදෙසක් දෙන්න.
හත්තික්කේ ඇයි දෙයියනේ මේ කාට ඕවා පෙන්නන්නෙ ඉවරයි ඵ්කත්.