(ජයන්ත සමරකෝන්)
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරය වෙත හෙරොයින් පැකට් ගල්කැටවල ඔතා එහි වයිඕ වාට්ටුව වෙතට විසිකරන බව වැලිකඩ බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
වැලිකඩ බන්ධනාගාරය හා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙන්වන්නේ එක් තාප්පයකින් වීම මෙම හෙරොයින් ගල්කැට ජාවාරමට පහසුවක් වී ඇතැයි පැවසේ.
වැලිකඩ බන්ධනාගාරයේ වයිඕ වාට්ටුවේ මත්ද්‍රව්‍ය චෝදනා මත සිර දඬුවම් විඳින සිරකරුවන් විශාල පිරිසක් රඳවා සිටින අතර එම වාට්ටුවට වැටී තිබූ හෙරොයින් පැකට් කිහිපයක් නිලධාරීන් සිය බාරයට ගෙන ඇතැයි ද එහි ප්‍රකාශකයෙක් පැවසීය.
එවැනි සිද්ධීන් 10ක් පමණ මේ වනවිට වාර්තා වී ඇතැයිද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.