IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බන්ධනාගාර කැරලි මර්දනයට විශේෂ ඒකකයක්

(චමිල් රූපසිංහ)
 
බන්ධනාගාරවල විශේෂ ගණයේ රැඳවූවන් ආරක්ෂණය කිරීමට හා බන්ධනාගාර වල ඇතිවන කැරලි මර්දනය කිරීමට බන්ධනාගාර බුද්ධි අංශයට අනුබද්ධව විශේෂ ඒකකයක් පිහිටුවන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.
 
මේ සඳහා අනුමැතිය ඉල්ලමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව  ඒ මහතා කීවේය.
 
මහනුවර අද (23) පැවැති මාධ්‍ය හමුවකදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා මේ බව ප්‍රකාශ කළේය.
 
මෙම මාධ්‍ය හමුව මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත සහ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
 
මෑතක් වන තුරු දෙපාර්තුමේන්තුවේ පවතින නිලධාරී හිඟයත් ජ්‍යෙෂ්ඨ නිලධාරී පුරප්පාඩු පිරවීමට අවස්ථාව නොලැබීමෙන් පරිපාලන ගැටලු මතුවූ බවත් එම පුරප්පාඩු ලොහාන් රත්වත්තේ ඇමැතිවරයාගේ මැදිහත් වීමෙන් දැන් පුරප්පාඩු පිරවීම සිදුකරන බවත් ඒ මහතා කීවේය.
 
ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණ ලබන සතියේ පැවැත්වෙන බවත් සහකාර බන්ධනාගාර අධිකාරීවරුන්ගේ පුරප්පාඩු පිරවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ඉල්ලා තිබෙන බවත් උපුල්දෙණිය මහතා එහිදි සදහන්  කළේය.


බන්ධනාගාර නියාමකයින්ගේ විශාල හිඟයක් ඇති වි තිබෙන බවත් විභාග දෙපාර්තුමේන්තුව මගින් ඊට අදාළව 2019 දී පවත්වන ලද විභාගයේ ප්‍රතිපල අනුව ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත්වූ 950 දෙනෙකු සම්මුඛ පරීක්ෂණයට කැඳවා තිබෙන බවත් ඒ අතරින් 586 දෙනෙකු තෝරා ගැනීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා කීය.
 
බන්ධනාගාර කැරලි මර්දනය කිරීමටත් විශේෂ ගණයේ රැඳවූවන් ආරක්ෂණය කිරීමටත් බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය තහනම් ද්‍රව්‍ය ගෙන ඒම වැලක්වීමත් අරමුණු කර ගනිමින් ස්ථාපිත කෙරෙන විශේෂ ඒකකයේ රාජකාරී සඳහා සේවක හිඟය පියවීම සඳහා කඩිනම් පියවරක් ලෙස යුද හමුදාවෙන් වසර 12 ක සේවා කාලය අවසන් කර ඉවත්වූ 500 දෙනකු ජනපති උපදෙස් මත බඳවා ගැනීමට පියවර ගන්නා බවත් කීවේය.
 
යුද හමුදා පුහුණුව ලබා තිබෙන බැවින් ඔවුන් කෙටි පුහුණුවකින් පසු සේවයේ යෙදවීමට හැකියාව තිබෙන බවත් මෙම පිරිස බන්ධනාගාර කැරලි මර්දනය කිරීමටත් විශේෂ ගණයේ රැඳවූවන් ආරක්ෂණය කිරීමටත් බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය තහනම් ද්‍රව්‍ය ගෙන ඒම වැලක්වීමත් යෙදවීමට අපේක්ෂා කරන අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදි සදහන් කළේය.
.
මෙම අවස්ථාවට බන්ධනාගාර අතිරේක කොමසාරිස් ජනරාල් තුසිත උඩුවර,බන්ධනාගාර කොමසාරිස්,බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක යන මහත්වරුද සහභාගි වූහ.
 



අදහස් (0)

බන්ධනාගාර කැරලි මර්දනයට විශේෂ ඒකකයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site