IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බන්ධනාගාර කොමසාරිස්ට නොතිසි

(මනෝප්‍රිය ගුණසේකර)
 
කුඩු නඩුවක විත්තිකරුවකු අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පෞද්ගලිකවම අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට අද (22) නියම කළේය.
 
ඒ බව දැනුම් දෙමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නොතිසියක් නිකුත් කිරීමටද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.
 
කුඩු නඩුවක විත්තිකරුවකු ඊයේ (21) අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මීට පෙර අවස්ථාවකදී බන්ධනාගාර අධිකාරිවරයාට නියම කොට තිබුණත් එම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී අදාළ විත්තිකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කොට නොතිබිණි.
 
විත්තිකරු අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට වාර්තාවක් හෝ ඉදිරිපත් කොට නොතිබු අතර එහිදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කර තිබු අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් පෞද්ගලිකවම අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියම කළ විනිසුරුවරයා ඒ බව දැනුම් දෙමින් නොතිසියක්ද නිකුත් කළේය.
 
 
 
 



අදහස් (0)

බන්ධනාගාර කොමසාරිස්ට නොතිසි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site